Pages

Wednesday, August 21, 2013

නව පෙනුමකින් ඇන්කර් වෙළඳ පොලේ - ෆොන්ටෙරා උසාවි නියෝග බිඳ අධිකරණයට අපහාස කරයි!

ඇන්කර් උසාවි නියෝග කඩා Mrs. පෙරේරාලාට අමතයිගම්පහ දිසා අධිකරණය විසින්  පසුගිය 16 දා නිකුත් කරන ලද වාරණ නියෝගය නොතකා නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන දිවයින පුරා වෙළඳසැල්වලින් ඉවත් කරගෙන නොමැති බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ වාරණ නියෝග නොතකමින් මෙම සමාගම කටයුතු කරන බැවින් පැමිණිලිකරුවන් ලෙස එම සමාගමට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නඩුවක් පවරන බවයි.

මෙහි දැක්වෙන්නේ අද පෙරවරුව වන විටත් වෙළඳසැල්වල විකීනීම සඳහා අලූත් ඇසුරුමකින් ඇති අන්කර් කිරිපිටි පැකැට්ටුවකි.

August 19, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99598/

සබැඳි ලිපි -
[
ෆොන්ටෙරා සියලු නිෂ්පාදන අලෙවිය තහනම්http://denethharinna.blogspot.com/2013/08/blog-post_17.html
]

0 comments: