Pages

Friday, August 16, 2013

කලබල ඇතිවේ යැයි සැකයෙන් මුන්නේෂ්වරමේ පෙළපාලි තහනම්

හලාවත මුන්නේෂ්වරම් දේවාලය සහ ඒ අවට ප්‍රදේශයේ ඉකුත් 13 වැනිදා සිට ලබන 22 වැනිදා දක්වා පෙළපාලි යාම සහ විරෝධතා දැක්වීම තහනම් කරමින් හලාවත අතිරේක දිසා විනිසුරු කේ.කේ.ලියනගේ මහතා විසින් තහනම් නියෝගයක් පනවා තිබේ. මුන්නේෂ්වරම් භද්‍රකාලි දේවාලයේ වාර්ෂික සත්ත්ව බිලි පූජාව මෙමස 21 වැනිදා පවත්වන්නට සූදානමක් තිබෙන බවට බුද්ධි අංශවලට වාර්තා වී තිබිණ. ඒ අනුව හලාවත පොලිසිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (01) වගන්තිය යටතේ ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමේ අරමුණ ඇතිව තහනම් නියෝගයක් උසාවියෙන් ඉල්ලා තිබිණ. ඒ අනුව මෙම නියෝගය පනවා තිබේ.
පසුගිය සතියේ පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ හලාවත කොට්ටාශය බාර පොලිස් අධිකාරිවරයා මුන්නේෂ්වරම් දේවාලයේ භද්‍රකාලි දේවාලයේ බාරකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී මෙවර ද සත්ත්ව බිලි පූජාව නොපවත්වන බව එම පූජකවරුන් පවසා තිබේ.

පසුගිය වසරේ දී මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර වූ බැවින් සත්ත්ව බිලි පූජාව එහි නොපැවැත්විණ. ඊට පෙර වසරේ දී අධිකරණ නියෝගයක් මත සත්ත්ව බලි පූජාව තහනම් කෙරිණ. ඒ අතර කාලය තුළ සත්ත්ව බිලි පූජාවට එරෙහිව මහ සංඝයා වහන්සේලා මුන්නේෂ්වරම් කෝවිල ඉදිරිපිට මහා සත්‍යග්‍රහ සහ උද්ඝෝෂණ පැවැත්වූහ. ආචාර්‍ය මර්වින් සිල්වා ඇමැතිවරයා අවස්ථා කිහිපයකදී කෝවිලට කඩා වැදී ඝාතනය සඳහා සූදානම් කර තිබූ සතුන්ගේ ජීවිත බේරා ගෙන ලොරිවල පටවා ගෙන ගොස් නිදහස් ක‍ළේය.

2013 අගෝස්තු 16  09:30 a:m - ජූඩ් සමන්ත (පුත්තලම)
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=15968:2013-08-16-04-03-48&catid=42:2012-05-31-04-01-44&Itemid=90 

0 comments: