Pages

Saturday, August 24, 2013

අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාවේ මැදිහත්වීම් එපා - උතුරු දමිළයන්

- උතුරේ දෙමළ වැසියන් තමන්ට පැවසූ බව ඉන්දීය මාධ්‍යවේදීහු පවසති

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාවේ දේශපාලනඥයන් මැදිහත් වීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින ලෙස උතුරේÊදෙමළ වැසියන් තමන්ගෙන් ඉල්ලීමක්‌ කළ බව ඉන්දීය මාධ්‍ය පුවත්පත් කලාවේදී සංගමයේ සභාපති බාලා බශ්කර් මහතා පැවසීය.


එම ප්‍රදේශවල සියලු ජාතීන්ට අයත් වැසියන් නිදහසේ ජීවත් වන බව තම මාධ්‍ය කණ්‌ඩායම නිරීක්‍ෂණය කළ බවද ඒ මහතා අවධාරණය කළේය. 

ඉන්දීය මාධ්‍ය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම අදහස්‌ පළ කළේ ඉන්දියාවේ ප්‍රාන්ත 13 ක්‌ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සත්දින සංචාරයක යෙදුණු ඉන්දීය ජනමාධ්‍යවේදීන් 32 කගෙන් සමන්විත දූත පිරිස එම සංචාරය නිම කරමින් 

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යැමට පෙර අගෝස්‌තු 20 වැනිදා පස්‌වරුවේ කොළඹ රමාඩා හෝටලයේ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. අගෝස්‌තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මාධ්‍ය දූත පිරිස එම කාලය තුළදී ගාල්ල, නුවර, නුවරඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශ ගණනාවක සංචාරයේ නිරත වෙමින් ජනතාව සමග අදහස්‌ හුවමාරු කරගත්හ. 

උතුරේÊදමිළ ජනතාව හමුවී ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අවස්‌ථාවක්‌ ලැබීම ඉතා වැදගත් බවට පෙන්වා දුන් ඉන්දීය මාධ්‍ය නියෝජිත දූත පිරිසේ ප්‍රධානියා එදා දමිල ජනතාව වහලුන් මෙන් උතුරේදී පීඩාවට පත්වූ බව තමන් මීට පෙර සිදුවූ සංචාරවලදී දුටු බවද අද ඒ තත්ත්වය වෙනස්‌ වී ඇති බවද කීවේය.

ශ්‍රී ලංකාව ගැන ඉන්දීය ජනතාව තුළ ඇත්තේ ඉමහත් ප්‍රසාදයක්‌ බවද, තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක්‌ ඉතා සුළු පිරිසක්‌ අනවබෝධය සහ පටු වාසි සඳහා ශ්‍රී ලංකාවට එරෙහි වන බවද, එය සමස්‌ත ඉන්දියාව සහ 

ශ්‍රී ලංකාව අතර පවතින ප්‍රශ්නයක්‌ ලෙස වරදවා වටහා නොගත යුතු බවද කීවේය. තමිල්නාඩුවේ සිටින ජනයාගෙනුත් ඉතාම සුළු පිරිසක්‌ දේශපාලන අරමුණු ඇතිව මේ විරෝධය දක්‌වන බවද ඔහු කීවේය. 

ශ්‍රී ලංකාව තුළ දකුණු ආසියානු කලාපය තුළ ඇති අන් කිසිදු රටක දක්‌නට නොලැබෙන වේගවත් සංවර්ධනයක්‌ සිදුව ඇති බව රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අප දුටුවා. යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව නගරවල පවතින පිරිසිදුකම සහ දැකුම්කළු බවද අගය කළ යුතුයි. මීට වසර පහ හයකට පෙර පැවති ශ්‍රී ලංකාවට වඩා පුළුල් වෙනසක්‌ උ./නැගෙනහිර පළාත්වල වගේම රටේ සෙසු පළාත්වලද සිදුව තිබෙනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඉන්දීය මාධ්‍ය පුවත්පත් කලාවේදී සංගමයේ තවත් නිලධාරීන්ද සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ රූමි ජවුµර් මහතාද මෙහිදී කතා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/08/24/news23.html

1 comments:

EMoney said...

ලොකු කුඩා සෑම ටරකටම ස්වාධීනත්වයක් ඇත. එයට යම් බලපෑමක් වන්නේ නම් ඒ වෙනුවෙන් නැගී සිටිය යුතුය.