Pages

Friday, August 23, 2013

ලංකාවේ පළමු පරිගණක හා ලැප්ටොප් කම්හල සූරියවැවදී විවෘත කෙරේ


ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිගණක හා ලැප්ටොප් නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගියදා හම්බන්තොට සූරියවැවදී ආරම්භ කරන ලදී.

මයික්‍රොසොෆ්ට්‌ සමාගමේ සහකරුවකු මෙන්ම පරිගණක නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන "ඊ - විස්‌" විසින් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත. මෙම නව කර්මාන්ත ශාලාව මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 250 දෙනකුට පමණ රැකියා අවස්‌ථා ලබාදීමට නියමිතය.

ලැප්ටොප්, ටැබ්ලට්‌ වැනි නවීන නිෂ්පාදන මෙන්ම සාමාන්‍ය පරිගණක ද මෙම කර්මාන්ත ශාලාවේදී නිපදවන අතර ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ආසියා පැසිµsක්‌ කලාපයේ රටවල ද මෙම නිෂ්පාදන අලෙවි කිරීමට නියමිතය. එමෙන්ම රාජ්‍ය අංශයට සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවශ්‍ය පරිගණ ක ද මෙම කර්මාන් ශාලාව තුළදී නිෂ්පාදනය කෙරෙන බව ඊ විස්‌ හි සාමාන්‍යාධිකාරී රාජිත ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ආසියාවේ තොරතුරු තාක්‍ෂණ කේන්ද්‍රය බවට පත් කිරීමට යන ගමනේ වැදගත් මං සලකුණක්‌ ලෙස මෙය හැඳින්විය හැකි බවද රාජිත ද සිල්වා මහතා පැවසුවේය.

http://www.divaina.com/2013/08/23/velanda03.html

5 comments:

Anonymous said...

පිටරටින් කෑලි ගෙනල්ල මෙහෙ ඇසෙම්බල් කරනවද දන්නෙ නෑ. ඒකනං ඉතින් අපිටත් කරගන්න පුළුවන්නෙ

Anonymous said...

eka thamai karannea nathuwa mea apea ayiyala hadanwa nemai. anika kalin PC house patan gaththa weagea thamai mekath. hodai ithin hambanthota innea rata kana hark nea.. anea wasanawan. nodana ganna ekalata devi pehitai.

Anonymous said...

හම්බන්තොටට නැව් එන්නේ නෑ, මත්තලට ප්ලේන් එන්නේ නෑ මේ ගංකබර 'ලැට් ටොප්' කවදාවත් හරියට වැඩ කරන්නේ නෑ.

EMoney said...

රුපියල් පරිස්සම් කරගෙන පිටරටින් එක ඩොලර් එකක් හරි එනවා නම් ඒක රටේ සංවර්ධනයට ගොඩක් හොදයි.
ටිකක් උත්සාහ කළොත් ලංකාවේ සිටියදීම ඔයාලටත් ඒක කරන්න පුළ්වන්. පොඩි උදව්වක් තියෙනවා ඕනි නම් ගිහින් බලන්න.

LIFE said...

අපේ අනුවන සිංහලයින් ගොඩක් මෙකට රැවටිලා... මේ ආයතනයේ එක අඟලක් අපේ දෙයක් නෙමෙයි. මෙකේ සල්ලි ඔක්කොම යන්නෙ ඇමරිකාවට. අපේ මිනිස්සු හෙම්බත් වෙලා උනගේ වහල්ලු වගේ වැඩ කරනවා... උන් එවයින් කෝටි ගණන් උපයලා සත වලින් අපේ අයට ගෙවනවා. ඔක දැම්මයි කියලා අපේ රට තොරතුරු තාක්ෂණික කේන්ද්‍ර මගුලක් වෙන්නෙ නෑ... ඔක අනික් රට වලත් පැටව් ගහලා ඒ රටවල් වලත් සල්ලි අදිනවා... මිනිසුනේ පොස්ට් එකක් හොඳයි වගේ දැක්ක පළියට සාධු නාද දෙන්න එපා.... මේක අපිට තවත් හානියක් මිස ලාභයක් නෙමෙයි.