Pages

Friday, August 30, 2013

තවත් "ටුවරිස්‌ට්‌" කෙනකුගේ ලංකාගමනය - පිල්ලේ ගමන පිලිබඳ දිවයින කතුවැකිය

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය දොස්‌තර රාජිනී තිරාණගම බයිසිකලයේ නැඟී ගෙදර යමින් සිටියදී කොටින් විසින් වෙඩි තබා මරන ලද බව ඇය දන්නේද? අරන්තලාවේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මන්න සහ කැතිවලින් කපා සංහාරය කළ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි මැරූ හැටි, ආර්. ප්‍රේමදාස ඝාතනය කළ හැටි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට බෝම්බ ගැසූ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය වසර 30 ක යුද සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා කළ හැටි, සංචාරක ව්‍යාපාරය ඉන්දියන් සාගරයට දැමූ හැටි ඇය දන්නේද?

නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා ගමන තවත් ටුවරිස්‌ට්‌ කෙනකු ආ ගමනක තත්ත්වයට පත්ව නිමාව කරා ගමන් කරනු පෙනෙයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඒජන්සියක වැටුප් ලබන සේවිකාවක වන එතුමිය තම ලංකා ගමන පිළිබඳව වාර්තාවක්‌ සාදා එය එක්‌සත් ජාතීන්ගේ මහලේකම්තුමාට ඉදිරිපත් කරනවා ඇත. එම වාර්තාව ආණ්‌ඩු විරෝධී, යුද විරෝධී, සිංහල විරෝධී, බෞද්ධ විරෝධී න්‍යාය පත්‍රයක්‌ වීම කිසිසේත්ම නොවැළැක්‌විය හැකිය. පිල්ලේ මහත්මිය සමඟ සාකච්ඡා කළ රාජ්‍ය නොවන සංවිධාන, යුද්ධයෙන් බඩ වඩා ගනිමින් සිට යුද්ධය නැති නිසා දැනට එදා වේල ටුවර්ස්‌ පාරක්‌ දමාගෙන සිටින සිවිල් ප්‍රජා කණ්‌ඩායම්, සෑම මැතිවරණයක්‌ම ප්‍රචණ්‌ඩ වේවා'යි ප්‍රාර්ථනය කරන මැතිවරණ නිරීක්‌ෂණ කණ්‌ඩායම්, හමගිය දේශපාලන නායකයන් යනාදී කොටස්‌ තම තමන්ගේ න්‍යාය පත්‍රවලින් චුට්‌ට චුට්‌ට ඇගේ න්‍යාය පත්‍රයට දමා ඇති හැටි එකී වාර්තාව ඉදිරිපත් කළ විට බලා ගැනීමට හැකිය. 

නවනීදන් පිල්ලේ හිටපු විනිශ්චයකාරවරියකි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයේ මූල බීජය මේ රට කරවූ දේශපාලනඥයන් විසින් පිළිසිඳවන ලද මුල් කාලයේදී එතුමිය ඉපදිලාවත් නැත. උතුරේ බලකාමී දේශපාලනඥයන් බෙදුම්වාදී යුද්ධයක්‌ කිරීම සඳහා උතුරේ දෙමළ තරුණයන්ට දේශන පවත්වන කාලයේදී නවනීදන් පිල්ලේ නීතිඥවරියකි. කෙසේ වුවත් මෑතක්‌ වනතුරු මේ රටේ ජනවාර්ගික අර්බුදය සහ දෙමළ ත්‍රස්‌තවාදය ගැන ඇය කිසිවක්‌ දැන සිටියේ නැති බව අපට විශ්වාසය. එම ඉතිහාසය නොදැන හදිසියේ මෙහි ගොඩ බැස හමුවන හමුවන මිනිසා හෝ ගැහැනිය සමඟ කතාකර පවත්නා ප්‍රශ්නය, එහි ස්‌වභාවය, එය දැනට තිබෙන්නේ කොතැනකද යන කාරණා ගැන දැනුමක්‌ ලබාගැනීමට නොහැක. ශ්‍රී ලංකාවේ තිබුණේ ජනවාර්ගික ප්‍රශ්නයකට වඩා ත්‍රස්‌තවාදී ප්‍රශ්නයකි. උතුරේ බැංකු තුන හතරක්‌ කොල්ලකා ගනුදෙනුවක්‌ සොයාගත් දෙමළ තරුණ කණ්‌ඩායමක්‌ එම මුදල් පොලිතින් කොළයක ඔතා යට ඇඳුමේ සඟවාගෙන පෝක්‌ සමුද්‍රසන්ධිය හරහා පීනා ගොස්‌ ඉන්දියාවට ගොඩබැස ආයුධ මිලට ගැනීමත් සමගම දෙමළ ත්‍රස්‌තවාදයට අවශ්‍ය පදනම වැටිණ. එම ආයුධ ද, පොලිසි දෙක තුනකින් කොල්ල කා ගත් ආයුධ ද, එකතු කර 1983 දී යාපනයේ යුද හමුදා රථයකට වෙඩි තබා සිංහල සෙබළුන් 13 දෙනකු ඝාතනය කිරීමත් සමගම දෙමළ ත්‍රස්‌තවාදයේ ක්‍රියාත්මක ස්‌වරූපය හට ගනී. එතැන් සිට එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් සිංහලයන් කී දහසක්‌ සංහාරය කරනු ලැබ ඇද්දැයි නවනීදන් පිල්ලේ මහත්මිය දන්නේද? දෙමළ ත්‍රස්‌තවාදයට විරුද්ධ දෙමළ ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල උගතුන් කී දෙනෙක්‌ ප්‍රභාකරන්ගේ වෙඩි පහරින් මිය ගියේ දැයි ඇය දන්නේද? යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය දොස්‌තර රාජිනී තිරාණගම බයිසිකලයේ නැඟී ගෙදර යමින් සිටියදී කොටින් විසින් වෙඩි තබා මරන ලද බව ඇය දන්නේද? අරන්තලාවේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මන්න සහ කැතිවලින් කපා සංහාරය කළ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි මැරූ හැටි, ආර්. ප්‍රේමදාස ඝාතනය කළ හැටි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට බෝම්බ ගැසූ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය වසර 30 ක යුද සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා කළ හැටි, සංචාරක ව්‍යාපාරය ඉන්දියන් සාගරයට දැමූ හැටි ඇය දන්නේද?

මේ කරුණු ගැන හරිහැටි දන්නවා නම් ශ්‍රී ලංකාව ආරාධනා කළත් නොකළත් මෙහි ඒමෙන් වැළකී සිටීමට නවනීදන් පිල්ලේ ස්‌ථිරවම පියවර ගන්නවා ඇත. ඇය සිටින්නේ කොටි සංවිධානයට ආවැඩීමට හෝ යුද්ධය පරාජය කිරීමට හෝ විරුද්ධව වචනයක්‌වත් කතා කළ හැකි තත්ත්වයක නොවේ. ඇය හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන ගැහැනියක නම් පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙනම අමාත්‍යංශයක්‌ යටතට පත් කළේ ඇයි දැයි නිකමටවත් අහන්නේ නැත. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අයින් කළ යුතු බවට අපිට බල කරන්නේ ද නැත. 

යුද්ධය පැවැති කාලයේදී ආර එදමරසිප හෙවත් යුද සංචාරක ව්‍යාපාරය යනුවෙන් සංකල්පයක්‌ ලංකාවේ බිහි විය. එරික්‌ සෝල්හයිම් මෙරටට එන එවැනි යුද සංචාරකයෙකි. නවනීදන් පිල්ලේ මෙහි පැමිණ සිටින්නේ පශ්චාත් උaර ඔදමරසිඑ කෙනකු ලෙසය. එ බැවින් මේ ගමනට වටිනාකමක්‌ නැත.

http://www.divaina.com/2013/08/30/editor.html

සබැඳි ලිපි වලින් කිහිපයක් -
[
තම්බිමුත්තුගේ තාර්කික වාග් ප්‍රහාර පිල්ලේ නිහඬ කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6660.html
කොටි සංවිධානයේ කුරිරු බව තමා තරම් දන්නා කෙනෙකු නෑ. පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන්න - කතෝලික පූජකවරයකු හඬාවැළපෙමින් පිල්ලේට කියයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_29.html
නවි පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් - ගම්මන්පිලhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_5669.html
නවිනීදන් පිල්ලේ යනු කවුද???http://denethharinna.blogspot.com/2013/08/blog-post_9415.html
]

0 comments: