Pages

Thursday, August 15, 2013

ඉන්දීය සමාගමක් බයික්, ත‍්‍රිවීල් බෝම්බ හදා ලංකාවට එවන්න කොටින්ට එකග වෙලා

ඉන්දියාවේදී මෙරටට ආනයනය කරන ත‍්‍රී රෝද හා යතුරු පැදි නිෂ්පාදනය කරන විටදීම ඒවා තුළ බෝම්බ සවිකර ලංකාවට ගෙන්වා ප‍්‍රභූවරුන් ඝාතනය කිරීම සදහා  කොටි නායකයන් විසින් ඉන්දීය සමාගමක් සමග එක්ව කළ සැලසුමක් පිළිබද තොරතුරු පොලීසිය විසින් හෙළි කරගෙන ඇත.

රජය සහ කොටි සංවිධානය අතර ඇතිකරගත් සටන්  විරාම ගිවිසුමකට අනුව දෙපාර්ශව අතර සාම සාකච්ජා පැවැත්වෙද්දී කොටි නායකයන් ඉන්දීය සමාගම් සමග වාහන නිෂ්පාදනය කරද්දීම ඒවා තුළට බෝම්බ කාවැද්දීමට මෙලෙස සැලසුම් සකස් කළත් එක්වරම සටන්විරාමය  අවසන්ව  යළි දෙපාර්ශවය අතර යුද්ධය ඇවිළීම නිසා එම සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ද හෙළි කරගෙන ඇත.


2001/12/01 වෙනිදාත් 2003/01/01 වෙනිදාත් අතර සටන් විරාම කාලය තුළදී පාර්ලිමේන්තුව හා වරාය පිළිබද බුද්ධි තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගෙන ඇති ප‍්‍රනාන්දු එමිල්දාස් හෝති පුනිකුයිල් නැමැත්තාගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිකරගෙන ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුව හා වරාය පිළිබද තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය  හමුවේ නඩු පවරා ඇත.

August 15, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99396/

0 comments: