Pages

Monday, March 18, 2013

සිංහලයන් සුන්නත් කරලා තොප්පි දාන්න එන්න එපා - ඕමල්පේ හිමි

ඉස්ලාම් ආගමිකයන් එම ආගමේ ක‍්‍රමයට සුන්නත් කිරීමට තමන් විරුද්ධ නැතත් සිංහලයන්ද සුන්නත් කර තොප්පි දමන්නට එන්නේ නම් ඊට විරුද්ධ බවත් ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝපිත හිමියෝ පවසති.

ඊයේ සවස හෝමාගම පිටිපෙන පුරාණ මහා විහාරස්ථානයේ  ‘සිහළ දැයනගන – දැහැමි රට රකින’ තේමාව යටතේ පැවති බොදු ජන හමුව අමතමින් උන් වහන්සේ මෙසේද කීහ.

“මුස්ලිම් ආගමේ සුන්නත් කිරීමේ ක්‍රමයට අපි විරුද්ධ නැත. හැබැයි මුස්ලිම් ඇත්තෝ, මුස්ලිම් ආගමේ ක්‍රමයට බෞද්ධ අපිවත් සුන්නත් කරන්න එනවා නම් අපි ඒකට විරුද්ධයි.  මුස්ලිම් ආගමේ ඇත්තෝ හිසට තොප්පියක් දැමීමට, මුස්ලිම් කාන්තාවෝ පර්දාව ඇන්දට අපි විරුද්ධ නැහැ. හැබැයි මුස්ලිම් ආගමේ ඇත්තෝ, සිංහල බෞද්ධයන්ගේ හිසට තොප්පි දැමීමටත් සිංහල බෞද්ධ කාන්තාවන්ට පර්දාව පළදනවාටත් අපි විරුද්ධයි, මුස්ලිම්, චාරිත්‍ර – වාරිත්‍ර බලෙන්ම සමාජගත කිරීමට එරෙහිව නැගී සිටිමට සිංහල බෞද්ධයින්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

මුස්ලිම් ආගමේ සුන්නත් කිරීමේ ක්‍රමවේදය රජය හෝ මොනයම් සංවිධානයක් හොඳයි කියා පිළිගත්තට අපිත් ඇඳුම් ගලවලා තියලා මුස්ලිම් ඇත්තෝ අපිවත් සුන්නත් කරලා යනතුරු බලන් ඉන්න ඕනෑද? හැබැයි මේ ආණ්ඩුවනම් අපට කියන්නේ එහෙම ඉන්න කියලා. අද ආණ්ඩුව කියන්නේ මොකක්ද? හලාල් තිබුණට කමක් නැහැ. එයට එරෙහි වෙන්න එපා. එයට එරෙහිව කෑගහන්න එපා. එහෙම කෑගහන්න අයිතියක් නැහැ.

හලාල් වලට එරෙහිව කෑගහන්නේ අන්තවාදීන් හා ජාතිවාදීන් කියල. අපි පැහැදිලිව කියනවා අපි හලාල් වලට විරුද්ධ නැහැ. ලංකාවේ බෞද්ධ සංවිධාන හෝ භික්ෂූන් වහන්සේලා හලාන් වලට විරුද්ධ නැහැ. විරුද්ධ වෙන්න උවමනාවකුත් නැහැ. හැබැයි අපි හලාල් කියන අපචාරයට විරුද්ධයි. ස්ලාම් ආගමේ තිබෙන ආගමික නීතියක්, ආගමික විශ්වාසයක්, මුස්ලිම් නොවන අයවෙත පැටවීමට අපි විරුද්ධයි. මුස්ලිම් අය හලාල් කෑවට කමක් නැහැ. සිංහල බෞද්ධ අපට හලාල් කවන්න බැහැ. අද හලාල් සමස්ථ දේශයම වෙලාගත් පිළිකාවක් බවට පත්වෙලා. සමස්ථ හලාල් වැඩ පිළිවෙලම සදාචාර විරෝදියි.”

http://lankacnews.com/sinhala/news/91959/
March 18, 2013 at 10:14 am | lanka C news

0 comments: