Pages

Wednesday, March 20, 2013

අත්‍යවශ්‍ය කරුණකට හැර තමිල්නාඩුවට එන්න එපා

- චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානාධිකාරි හිමි

මේ දිනවල තමිල්නාඩුවේ පවතින වාතාවරණය නිසා ශ්‍රී ලාංකිකයන් අත්‍යවශ්‍යම කරුණකට හැර තමිල්නාඩුවට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බව චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානාධිකාරී කලවානේ මහානාම හිමියෝ ඊයේ (19 දා) "දිවයින"ට පැවසූහ.

මහාබෝධි මධ්‍යස්‌ථානය හරහා චෙන්නායි එන ශ්‍රී ලාංකික දඹදිව වන්දනා කණ්‌ඩායම්වලට පොලිසිය සමග සාකච්ඡා කර විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ දියත් කර ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහෙත් වෙනත් අවශ්‍යතා සඳහා පෞද්ගලිකව තමිල්නාඩුවට පැමිණෙන අයට එවැනි ආරක්‍ෂාවක්‌ සැපයීමේ හැකියාවක්‌ නොමැති නිසා ඔවුන් මේ දිනවල තමිල්නාඩුවට පැමිණීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහා බෝධිය හරහා චෙන්නායි එන වන්දනා නඩවලට දුම්රිය ස්‌ථානයේ සහ ගුවන් තොටුපළේ සිට චෙන්නායි මහා බෝධි මධ්‍යස්‌ථානයටත්, නැවත චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානයේ සිට දුම්රියපළට හෝ ගුවන් තොටුපළටත් විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ සපයා තිබෙනවා. තමිල්නාඩුවේ පොලිස්‌ කොමසාරිස්‌තුමා සමග සාකච්ඡා කර මේ ආරක්‍ෂක වැඩපිළිවෙළ දියත් කර තිබෙනවා යෑයි උන්වහන්සේ අවධාරණය කළහ.

පෙරේදා (18 දා) චෙන්නායි මධ්‍යම දුම්රිය පළේදී ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ නමකට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසූ බවද උන්වහන්සේ තවදුරටත් "දිවයින"ට ප්‍රකාශ කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/03/20/news21.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments: