Pages

Tuesday, March 19, 2013

තමිල්නාඩුවේදී මෙරට භික්‍ෂූන්ට පහර දී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් - BBS

ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පහරදීමේ සිද්ධින්වලට අන්තවාදී මුස්ලිම් කල්ලියක් සම්බන්ධ වී ඇත්තේ යයි සැකය මතුවී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා අද දිනයේ බොදු බල සේනා මුලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයි ද එම සංවිධානයේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය කියා ඇත්තේ ප‍්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු දෙන වෙත ස්වකීය කණගාටුව පලකරන බවයි.

ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය ආදී වූ සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ජනතාවට හානි වන සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා නතර කිරීමට නිතියානුකුල මෙන්ම මතවාදී ලෙසද සටන් කලයුතු බව පවසන එම සංවිධානය මෙම සිදුවීම පිලිබඳ සියලු බෞද්ධ බලවේග කණගාටුවන බවත් මේ පිලිබඳ බෞද්ධ ජනතාව ඉතාමත් ඉවසිලිමත් ව කටයුතු කරන බවත් ඉන්දීය රජය වෙත දැනුම් දෙයි.

ආගමික නිදහස ගැන කතා කරන ඊනියා රාජ්‍ය නොවන කල්ලි හා සමහර දේශපාලන නායකයින් මේ පිලිබඳ නිහඩ වීම පිලිබඳ තමන් කණගාටු වනත් මෙවැනි කෝපකාරී සිදු වීම් නිසා ශ්‍රී ලංකාවේ සිංහල හා තමිල ජනතාව අතර කිසිදු ගැටුමක් ඇතිකිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොතැබිය යුතු බවත් නිවේදනයේ දැක්වේ.

ඉතා විශාල ඉන්දීය ආයෝජනයන් තිබෙන ඉන්දීය පුරවැසියන් විශාල පිරිසක් ජීවත්වන ඉන්දීය සිසුන් විශාල ගණනක් අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකාව තුල ඉන්දීයන් විරෝධී මතයන් ඇතිවීමට සමහර ඉන්දීය දේශපාලකයින් මෙම කල්ලි කණ්ඩායම් මෙහෙයවන බව හොඳින් දන්නා අතර ඔවුන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ‘කොලනියක්’ (ප්‍රාන්ත රාජ්‍යයක්) නොවන බව කල්පනා කලයුතු බව බොදු බල සේනා අවධාරණය කරයි.

March 19, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92027/

සබැඳි ලිපි
[

තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.html
ශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]

0 comments: