Pages

Monday, March 11, 2013

පන්සලකට බලපෑමක් තිබේ නම් වහා ම දැනුම් දෙන්න - අමාත්‍යංශය

බුද්ධශාසනයට යම් යම් තර්ජන බලපෑම් තිබේ නම් ඍජුව ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම්දීමටත් හැකි බවත් රටේ කිසි ම විහාරස්ථානයකට බලපෑමක් හෝ තර්ජනයක් තිබේ නම් ඒ පිළිබඳ වහා ම දැනුම් දෙන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඞී. එස්. ගුණවර්ධන මහතා සඳහන් කළේ එවැනි තර්ජන හෝ බලපෑම් තිබේ නම් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට රජය සූදානම් බවයි. විහාරස්ථානවලට බලපෑමක් හෝ තර්ජනයක් තිබෙන බවට මෙතෙක් අමාත්‍යංශයට පැමිණිලි ලැබී නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ය.

එසේ තර්ජන තිබෙන බවට පැමිණිල්ලක් ලැබුණු වහා ම අමාත්‍යංශය මඟින් පරීක්ෂණයක් පවත්වන බවත්, ආරංචියක් ලත් වහා ම ආරක්ෂක අංශ වෙත දැනුම් දී පරීක්ෂණ පවත්වන බවත් ඔහු කීය.

March 10, 2013 at 4:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91553/

0 comments: