සිංහල-මුස්ලිම් ජනයා මේ බිම තුළ ඉතාමත් සමගියෙන් ජීවත් වන හෙයින් පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඒ සමගිය බිඳ දැමීම සඳහා කටයුතු නොකරන ලෙස තමන් ඉතා ඕනෑකමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති හලාල් පිළිබඳ තම පක්‍ෂයේ ස්ථාවරය අනාවරණය කළ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා, මෙසේද පැවසීය.
‘‘හලාල් කියන එකේ ඉස්ලාමීය තේරුම වන්නේ දෙවියන් වහන්සේ අනුමත කළ දෑ යන්නයි. මේ වන විට අප සමාජයේ හලාල් යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙනවා. අපි පැහැදිලිව තේරුම්ගත යුතුයි හලාල් කියන්නේ ඉස්ලාමීය ජීවන රටාවටයි. ඒ නිසා මුස්ලිම්වරයකු සිතන විදිහේ හලාල්(දෙවියන් වහන්සේ අනුමත කළ) සහ හරාම් (දෙවියන් වහන්සේ අනුමත නොකළ) තිබෙනවා. අඳින පළඳින ඇඳුමේ හලාල් සහ හරාම් තිබෙනවා. ඔහු ගන්න ආහාරවල හලාල් සහ හරාම් තිබෙනවා. ඔහුගේ ක‍්‍රියාවන් තුළ හලාල් සහ හරාම් තිබෙනවා. මුස්ලිම්වරයකුගේ සමස්ත ජීවන රටාව තුළම හලාල් සහ හරාම් තිබෙනවා.
නමුත් පසුගිය කාලයේ අපි දැක්කා හලාල් යන්න ආහාරවලට සහ වෙළඳ භාණ්ඩවලට පමණක් සීමා කරමින් යම් සහතිකයක්, ලාංඡනයක් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක්. අපගේ ස්ථාවරය වන්නේ ‘‘හලාල් යනු ඉස්ලාමීය ජීවන රටාව නම් එයට සහතිකයක් හෝ යම් ලාංඡනයක් ලබා දීමට බැහැ’’, කියන එකයි. එය පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාසය තුළින් එන දෙයක්. දැන් මේ සහතිකය ආණ්ඩුවට දෙන්න කියලා කියනවා. අපි එය ඉතා පැහැදිලිව ප‍්‍රතික්‍ෂෙප කරනවා. ඉස්ලාමීය ජීවන රටාවට කවුරුන් හෝ සහතික ලබා දෙන්න හදනවා නම් ඒක වහාම නැවැත්විය යුතුයි. කොහොමද සිතන විදියට, කරන ක‍්‍රියාවන්වලට සහතික හෝ ලාංඡන ලබා දෙන්නේ. ඒ නිසා මේ පවතින ක‍්‍රියාවලිය වෙළඳ භාණ්ඩවලට සහතික හෝ ලාංඡුනය ලබා දීමේ වාණිජ පරමාර්ථයෙන් සිදු කරන දෙයක් මිස ආගමික පරමාර්ථයෙන් සිදු වන දෙයක් නොවන බව පෙන්වා දීමට කැමතියි.
එදා මුස්ලිම් ජනතාව තමන්ට අවශ්‍ය කුකුල් මස් හෝ හරක් මස් ලබා ගත්තේ විශ්වාසය මතයි. බණ්ඩයියගේ කඬේට ගිහින් විශ්වාසයෙන් බත් ටික කෑවා. සිංහල ව්‍යාපාරිකයකු හලාල් ක‍්‍රමයට මුස්ලිම් අයකු යොදවා කුකුල් මස් අලෙවි කරන කොට ඒවා විශ්වාසයෙන් මිලදී ගත්තා. අද මේ ලාංඡනය හරහා විශාල සමාගම් පෝෂණය කිරීම පමණයි සිදුව ඇත්තේ. ඒ හැරෙන්නට සාමාන්‍ය ජනතාව මත අමතර පීඩනයක් පැටවී තිබෙනවා.
අනෙක් අතින් මේ සහතිකය ලබා දීම සඳහා අනුගමනය කරන ක‍්‍රමවේදයත් ගැටළුකාරියි. ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික ලබා දීම පිළිබඳව අපි අවධානය යොමු කළහොත් නිෂ්පාදන ක‍්‍රියාවලියට අදාළව ISO වැනි සහතික ලබා දෙනවා. ඒ වගේම SLS වැනි නිෂ්පාදිතයට ලබා දෙන සහතික තිබෙනවා. නිෂ්පාදන ක‍්‍රියාවලියේ, නිෂ්පාදිතයේ ප‍්‍රමිතියට සහතිකයක් ලබා දීම වෙනුවට එකගතාව මත යම් සහතිකයක් ලබා දීමයි, මේ හලාල් සහතික ලබා දීමේ ක‍්‍රියාවලිය තුළ වැඩිපුරම දක්නට ලැබෙන්නේ. මෙහිදී බොහෝ වැරදි දේ සිදු විය හැකියි.
මම එක් උදාහරණයක් කියන්නම්. ෆොන්ටෙරා බහුජාතික කිරිපිටි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වරෙක පවසා තිබුණා, තමන් ආසියාතික රටවලට අපනයනය කරන කිරිපිටිවල මිල අඩු කිරීම සඳහා ඒවායේ අඩංගු කිරි මේදය ඉවත් කරලා ඒ වෙනුවට අඩු මිලට ලබා ගත හැකි වෙනත් තෙල් වර්ග එකතු කරනවා කියලා. මේ වෙනත් තෙල් වර්ග මොනවාද? බොහෝ විට සත්ව තෙල්. කුකුල් තෙල් හෝ ඌරු තෙල් වෙන්න පුළුවන්. රේගු වාර්තාවල සඳහන් වෙනවා ශ‍්‍රී ලංකාවට පිටි කළ ඌරු තෙල් ආනයනය කොට තිබෙනවා කියලා. මේ පිටි කළ ඌරු තෙල් ගෙන්වන්නේ ඇයි? අර කලින් කීව කිරිපිටිවලට එකතු කිරීමටයි. අපේ වෙළඳපොළේ තිබෙන ඌරු තෙල් මිශ‍්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලබා දී තිබෙනවා. ඌරු තෙල් මිශ‍්‍රිත කිරිපිටිවලට කොහොමද හලාල් සහතිකය ලබා දී ඇත්තේ. මෙය අපි දිගටම අනාවරණය කළ දෙයක්. නිසි ආකාරයට රසායනාගාර පරීක්‍ෂණ සහ ප‍්‍රමිතියක් ලබා දීමේදී අනුගමනය කරන ක‍්‍රියාවලිය අනුගමනය නොකරමින් ලබා දෙන සහතිකයක් නිසා බරපතළ ලෙස ජනතාව නොමග ගොස් තිබෙනවා. ඌරු තෙල් අඩංගු නිෂ්පාදනවලට හලාල් සහතිකය ලැබී තිබෙනවා. ඌරු තෙල් මිශ‍්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලැබුණේ කොහොමද? ඒක බරපතළ ගැටළුවක්.
මේකට විසඳුමක් තිබෙනවා. මේකට විසඳුම හලාල් සහතිකය ලබාදෙන ආයතනය එහාට මෙහාට මාරු කිරීම නොවෙයි. ඉතිහාසයේ පටන් හලාල් කියන්නේ බොහෝම විශ්වාසවන්ත දෙයක්. විශ්වාසය මත පදනම්ව තමයි මුස්ලිම්වරයා හලාල් දෑ පරිභෝජනය කළේ. ඉස්ලාම් දහමේ කියනවා වැරදීමකින් හලාල් නොවන දෙයක් පරිභෝජනය කළොත් ප‍්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම මරණාසන්න වූ අවස්ථාවක එහෙම කළත් ප‍්‍රශ්නයක් නැහැ කියා සඳහන්ව තිබෙනවා. ඒ නිසා මිනිසුන්ට තෝරාගැනීමේ අයිතිය ලබා දිය යුතුයි. අපි විශ්වාස කරනවා, මේ සහතිකය වෙනුවට තිබෙන වඩාම හොඳ විකල්පය තමයි, ඒ භාණ්ඩවල අඩංගු දෑ ඇසුරුමෙහි සටහන් කිරීම. ඌරු තෙල් අඩංගු කිරිපිටිවලට, ඌරු තෙල් අඩංගුයි කියා ඇසුරුමෙහි සටහන් කරන්න පුළුවන්. මධ්‍යසාර අඩංගු භාණ්ඩවලට මධ්‍යසාර අඩංගුයි කියා සටහන් කරන්න පුළුවන්. එසේ ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළොත් මුස්ලිම් ජනතාවට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මම ඒ භාණ්ඩය පාවිච්චි කරනවාද? නැද්ද? කියලා. වෙන සහතික අවශ්‍ය නැහැ.
අද අපට මේ හලාල් කතිකාවතින් ඔබ්බට ගිය පුළුල් සංවාදයක් අවශ්‍ය වී තිබෙනවා. අපි දන්නවා අද වන විට අපේ වෙළඳපොළ බහුජාතික සමාගම්වලින්, ආනයනික භාණ්ඩවලින් පිරී ඉතිරී ගොස් තිබෙනවා. අපේ වෙළඳපොළ ඔවුන් ආක‍්‍රමණය කර තිබෙනවා. උදාහරණයක් ලෙස අද ආනයනික කිරිපිටිවලින් සිදු කරන යෝගට් නිෂ්පාදනය නිසා දේශීය නිෂ්පාදකයා ඇද වැටී තිබෙනවා. අපි ජාතියක් ලෙස මේ දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමට කටයුතු කළ යුතුයි. බහුජාතික සමාගම්වලින් කවන තිරිගු පිටි, පොවන කිරිපිටි හෝ වෙනත් බීම වර්ග වෙනුවට අපි දේශීය නිෂ්පාදන පරිභෝජනය කරන ජාතියක් ලෙස හුරු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තමයි අපි සැබෑ ශ‍්‍රී ලාංකේය දේශහිතෛෂීන් ලෙස පුළුල් සංවාදයක් ඇති කළ යුත්තේ. අපේ රටේ දේ පරිභෝජනය කරන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අපි කැප විය යුතුයි. ඒ සුබවාදී දිසාවට අපි මේ සංවාදය රැගෙන යමු.
ජිනීවා මානව හිමිකම් සමුළුව හරහාත් වෙනත් ප‍්‍රයත්න හරහාත් අපේ රට 2009 මැයි 19 වැනිදා ලබා ගත් විජයග‍්‍රහණය ආපස්සට හැරවීමේ කුමන්ත‍්‍රණයක් දියත් වෙමින් පවතිනවා. බටහිර රටවල් කැමති නැහැ, අපි වගේ සාමකාමී රටවල් පවතිනවාට. ඔවුන් යුද්ධය පවතින අවස්ථාවේදීත් ප‍්‍රභාකරන් බේරා ගැනීම සඳහාත් යුද්ධය දිගින් දිගටම පවත්වා ගෙන යෑම සඳහාත් දැවැන්ත උත්සාහයක් ගත්තා. නමුත් ඔවුන්ගේ ඒ දුෂ්ට ප‍්‍රයත්නය පරාජයට පත් කිරීමට අපි රටක් ලෙස සමත් වුණා. 2009 මැයි 19 වැනිදා පරාජයට පත් වුණේ ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් කොටි සංවිධානය පමණක් නොවෙයි, ඔවුන්ගේ පිටුපස සිටි සමස්ත බටහිර බලවේගයම පරාජය පත් වුණා.
දැන් මේ දුෂ්ට බටහිර බලවේගය ක‍්‍රම ක‍්‍රමයෙන් උත්සාහ ගනිමින් සිටින්නේ සාමය දිනාගත් මේ රට යළි අස්ථාවර කිරීමටයි. 1981 සංවර්ධන සභා ඡුන්දයේදී ජේ. ආර්. ජයවර්ධනලා බටහිර උවමනාවට එදා යාපනය පුස්තකාලය ගිනි තියලා, සංවර්ධන සභා ඡන්ද පෙට්ටි ගිනි තියලා ඇති කරපු ඒ මහා භීෂණය හරහා, ඒ වගේම 83 කළු ජූලිය හරහා දශක තුනක් තිස්සේ ඇදී ගිය දරුණු යුද්ධයක් නිර්මාණය වූවා. දැන් සිංහල-මුස්ලිම් ගැටුමක් නිර්මාණය වුවහොත් ඒ පිටුපස තිබෙන්නේ වෙන කිසිවක් නොවෙයි බටහිර බලවේගවල උවමනාව. සිංහල, මුස්ලිම් ජනයා මේ රටේ ඉතාමත් සමගියෙන් ජීවත් වෙනවා. ඒ සමගිය ආරක්‍ෂා කිරීමටයි අපි සෑම වෑයමක්ම ගත යුත්තේ.
බුද්ධිමය සංවාද අපේ සමාජයට අත්‍යවශ්‍යයි. නමුත් මේ බුද්ධිමය සංවාද ජාතිවාදී කෝලාහල හෝ යුද්ධ බවට පරිවර්තනය කරගත යුතු නැහැ. ඒ නිසා බටහිර බලවේග අප වැනි රටවල් අස්ථාවර කිරීම සඳහා ගෙන එන සැලසුම් තේරුම් ගනිමින් ඒවා පරාජය කිරීම සඳහා අපි පටු වාද භේද අත්හැර ඒකරාශී විය යුතුය.
විපක්‍ෂ නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා හලාල් ගැටළුව පිළිබඳව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් ප‍්‍රකාශයක් කර තිබුණා. මේක ඉතා කල්පනාකාරීව අත දාන්න ඕනෙ ප‍්‍රශ්නයක්. ආගමික සංසිද්ධි කියන්නේ ජනතාවට ඉතාමත් සංවේදී දෙයක්. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා පටු දේශපාලන අවශ්‍යතා සඳහා ආගමික ගැටුම් අවුලවන්න එපා කියලා. මේ බිමේ මොන ප‍්‍රශ්න තිබුණත් අද වන විට සිංහල, මුස්ලිම් ජනයා ඉතාමත් සමගියෙන් ජීවත් වෙනවා. ඒ සමගිය බිඳ දමන්න කටයුතු කරන්න එපා කියලා අපි විපක්‍ෂනායකතුමාගෙන් ඉල්ලා සිටිනවා’’
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා ද එක්විය.
ඌරු තෙල් සහිත ආහාර නිෂ්පාදනවලටත් හලාල්
March 1, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91149/

0 comments:
Post a Comment