Pages

Wednesday, March 13, 2013

රට, ජාතිය, ආගම නිර්වින්දනය කිරීමට මූලධර්මවාදී සංවිධාන රැසක්‌ ක්‍රියාත්මක වෙනවා - ඥනසාර හිමි

සමහර දේශපාලනඥයිනුත් අරහත් ධජයට පව්කාර විදිහට ඇඟිල්ල දික්‌ කරනවා

මේ රට, ජාතිය, ආගම නිර්වින්දය කරන්න, රටේ ජාතික සමගිය නැති කරන්න, සිංහල ජාතිය වඳ කරන්න, මූලධර්මවාදී ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම් අන්තවාදී කොටස්‌ හාරසියයක්‌ පමණ මේ රට තුළ ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමල ජෝති හිමියෝ මාලබේ නගරයේ පැවති බොදු මහ සමුළුව හමුවේ ප්‍රකාශ කළහ.

දෙසියකට අධික මහා සංඝරත්නය ප්‍රමුඛ දහසකට අධික ජනතාවක්‌ සහභාගී වූ මෙම බොදු සමුළුව කඩුවෙල ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සභාපති කොළඹ දිස්‌ත්‍රික්‌ අධිකරණ සංඝනායක අත්තරගම ඥණවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වැඩිදුරටත් සමුළුව ඇමතූ කිරම විමලජෝති හිමියෝ මෙසේද පැවසූහ.

සම්බුද්ධ සාසනයේ ආරක්‍ෂාව චිරස්‌තිථිය සම්බන්ධයෙන් ඉතාම යහපත් අරමුණක්‌ ඇතිවයි අපි මේ බොදු බල සේනා සංවිධානය ගොඩ නැගුවේ. මේ සංවිධානයට කිසිම පෞද්ගලික අරමුණක්‌, පක්‍ෂ, දේශපාලන අරමුණක්‌ හෝ ජාතිවාදී ආගම්වාදී අරමුණු කිසිවක්‌ අඩංගු වෙලා නැහැ.

වසර දෙදහස්‌ පන්aසියයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවතගෙන එන බුද්ධ සාසනය රැක ගැනීමේ වගකීම යුතුකම අද පැහැර හැරියොත් අනාගත පරපුර අපට ශාප කරාවි.

මේ වනවිටත් ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා සමුළුව හමුවේ රටට එරෙහිව යෝජනා ඉදිරිපත් කළ ලෝකයේ බලවතුන් යෑයි කියන අධිරාජ්‍යවාදී පිරිස්‌වල එකම උත්සාහය මේ රට තමන්ට ඕනෑ හැටියට හසුරුවා ගැනීමයි.

තිස්‌ අවුරුදු යුද්ධයෙන් ජය අරගෙන අද අපි කවුරුත් සතුටින් සමාදානයෙන් ඉන්න වෙලාවක මේ අය සූදානම්වෙනවා මානව හිමිකම් කියන රාක්‍ෂයෙක්‌ එළියට දාලා අපව විවිධ ආකාරයෙන් විනාශ කරන්න.

මේ බෞද්ධ ජනතාව තරම් මානව හිමිකම් ආරක්‍ෂා කරන වෙනත් රටක්‌ ලෝකයේ කොහේවත් නැති තරම්. අපි එදා ඉඳලම කියන්නෙ සියලු සත්වයෝ නිදුක්‌ වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අප කාටවත් වෛර කරන්නේ නැහැ. හැමට මෛත්‍රීය කරන ජාතියක්‌.

මම දැක්‌ක පුවත්පතක හෙඩ්ලයින් එකක්‌. මේ රටේ ඉඳල ජිනීවාවලට ගිහින් අපේ රටට ජාතියට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කර ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ජාති ෙද්‍රdaහීන් ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගත යුතුයි කියලා. මහා සංඝරත්නය වශයෙන් බොදුබල සේනා සංවිධානයත් රජයට බල කර සිටින්නේ මොන තත්ත්වයක සිටියත් එවැනි ෙද්‍රdaහීන් එයාර්පෝට්‌එකේදී අත්අඩංගුවට ගත යුතු බවයි.

විවිධ ජාතික ආගමික කොටස්‌ මේ රට තුළ ජීවත් වෙනවා. අපි කිසිම ජනකොටසක්‌ පිළිබඳව වෛරයක්‌ නැහැ. ඒත් මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න යම් කෙනෙක්‌ උත්සාහ කරනවා නම් කුමන්ත්‍රණය කරනවා නම් කෙනෙහිලිකම් කරනවා නම් බොදු බල සේනා සංවිධානය දැස්‌ පියාගෙන නිහඬව සිටින්න සූදානම් නැහැ.

පසුගිය කාලයේ මේ රටේ තැන තැන විශාල වශයෙන් බුදුවරු පහළ වන්න පටන් ගත්ත. බෝධිසත්වවරු පහළවන්න පටන් ගත්ත. මාර්ඵල සල්ලිවලට දෙන්න පටන් ගත්තා. ඒත් දැන් බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වය නිසා ටිකක්‌ පාලනය වෙලා. එවැනි වංචාකාරයින්ට, දූෂිතයන්ට මේ අරහත් ධජයට මුවා වෙලා ආගම් විරෝධී රැවටිලිවලට ඉඩදී බලා ඉන්න බොදුබලසේනා සංවිධානයට පුළුවන් කමක්‌ නැහැ.

බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥණසාර හිමියෝ.

මේ රටේ හැම බිම් අඟලකම තියෙන්නේ බුද්ධ බෝග, සඟ සතුබෝග. සඟ සතු දේවල් කොල්ල කන එක පාපයක්‌. සඟසතු දෙය කොල්ලකන්න උත්සාහ කරන අය ගැන ජනතාව දැනුවත් කිරීමේදී ඒ වරද පෙන්වා දෙන අරහත් ධජයට පවුකාර විදිහට ඇඟිල්ල දික්‌ කරන සමහර දේශපාලනඥයිනුත් ඉන්නවා. අපට හිතන්න වෙන්නෙ එවැනි අයට අපායේ දොරටුව ඇරිලා යම පල්ලො කතා කරනවා බුද්ධ බෝග විකුණනකන් බලන් ඉඳලා.

සමුළුව අමතා බොදුබල සේනා සංවිධානයේ සංවිධායක විතාර දෙනියේ නන්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්‌ස, අතුරුගිරිය සීවලී අසපුවේ විහාරාධිපති පදලංගල ධම්මදේව යන හිමිවරුද දේශන පැවැත්වූහ.

කඩුවෙල ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී දේවහංදියේ ජිනරතන, පෝරේ ශ්‍රී මහා විහාරාධිපති රුක්‌මලේ ධම්මකිත්ති, රලපනාවේ අරියසාර, දිමියාවේ අමරවංශ යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්‌ථාවට වැඩම කර සිටියහ.

පියදාස රණසිංහ
http://www.divaina.com/2013/03/13/news19.html

1 comments:

Anonymous said...

godak hodai buddhagama lankawata visala karadarayak wela.