Pages

Tuesday, April 16, 2013

මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි

මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ අවතැන් ව සිටි සිංහල පවුල් පණහක් සිමෙන්ති සංස්ථාව ට අයත් නරිකාඩු බිම් කොටසේ පදිංචි කරවීම එම ගම්මානය ලියනගේ පුර නමින් නම් කරවීම සහ එහි ප්‍රජා ශාලාව විවෘත කිරීමේ උත්සවය පසුගිය අප්‍රියෙල් 11 දින ජනාධිපති උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

යුධ හමුදාව සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙම ප්‍රජා ශාලාව ඉඳි කරලීමට දායකත්වය සැපයූ අතර එම අවස්ථාවට 54 බල සේනාංක අධිපති බ්‍රිගේඩියර් මෛත්‍රී ඩයස් මහතා ද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරින් සහ දිවි නැගුම නිළධාරීන් ද සාභාගි විය.

මන්නාරම රදගුරු රායප්පු ජෝශෆ් ගේ කොටි හිතවාදය සහ වර්තමාන ද්‍රෝහී ක්‍රියාකාරිත්වය පිළිබදව එහිදී දීර්ධ වශයෙන් කරුණු දැක්වූ පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් දෙමල මුස්ලිම් සියල්ල සිංහල දෙමල හා සිංහල ඉස්ලාම් වශයෙන් සලකන බවත් ශ්‍රී ලාංකික ජාතියක් නොමැති බවත් ප්‍රකාශ කර සිටියේය.

එම නිසා සියලු දෙන සිංහල ජාතික උරුමය සුරැකීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළ උන් වහන්සේ එවිට ඉන්දියාවට හෝ බටහිරට අවශ්‍ය ආකාරයට ලංකාව දෙකඩ කිරිමට ඉඩ නොලැබෙන බවටද කරුණු දැක්වීය. මෙහිදී මෙයට විරෝධය පළල කල ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුමට බඳවා ගත් දෙමල නිළධාරින් එම ස්ථානයෙන් පිටව යාමට උත්සාහ කලේය.

1981 -2001 කාලයේ දී  මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව  8170 ක් අවතැන්වූ අතර මේ වන විට පදිංචිකරවා ඇත්තේ 847 දෙදෙනෛකු පමණකි.


දිවි නැගුම නිළධාරින් ගෙන් බෙංගමුවේ නාලක හිමියන්ට විරෝධතා
April 16, 2013 at 10:57 am | lanka C news

http://lankacnews.com/sinhala/news/93091/

0 comments: