Pages

Tuesday, April 16, 2013

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කැසිනෝ අවශ්‍ය නෑ - චම්පික

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය නැවැතත් ස්ථාපිත කිරීමට අවශ්‍ය නැතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙරට ආර්ථික වර්ධනය උදෙසා සංචාරක ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ පාරිසරික පුරාවිද්‍යාත්මක හා භූ සංචාරණයන් සංවර්ධනය නොකර කැසිනෝ වගේ ව්‍යාපාර දියුණු කිරීමට යෑම මේ රටේ සංස්කෘතියට විශාල බලපෑමක් බව හෙතෙම කියයි.

කැසිනෝ ව්‍යාපාර වගේ ඒවා ගැළපෙන්නේ ලංකාවට නොවන බවත් ඒවා බැංකොක්, ගෝවේ වැනි රටවලට ගැළපෙන ආකාරයට අප රටටත් ගැළපේ යැයි සිතීම විහිළුවක් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ජාතික හෙළ උරුමය වශයෙන් ආසියාවේ ලොකුම කැසිනෝ ව්‍යාපාරය ලංකාවේ ස්ථාපිත කිරීමට යෑම කෙරේ බලවත් විරෝධය ප්‍රකාශ කරන අතර එයින් මේ රටේ සමාජමය වශයෙන් විශාල ගැටුම් ඇති විය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කැසිනෝ ව්‍යාපාරය තහනම් කළ නොහැකි නම් ඒ සඳහා පවතින නීතිමය තත්ත්වය වඩා සුරක්ෂිත කළ යුතු බවද සඳහන් කරන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊට අදාළ නීතියට අනුව මුදල් අමාත්‍යවරයා විසින් නම් කරන ප්‍රදේශවල හැර අනිත් ස්ථානවල ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා නොදීමට රජය ක්‍රියා කළ යුතු බවයි.

- Mawbima

ලංකාවට කැසිනෝ එපා !
April 16, 2013 at 9:47 am | lanka C news

http://lankacnews.com/sinhala/news/93088/

0 comments: