Pages

Friday, April 12, 2013

කොටි සහ තමිල්නාඩුව පරණ සෙල්ලම් ගැන විකිලීක්ස් හෙළිදරව්වක්

තමිල්නාඩුවේ කි‍්‍රයාත්මක ජයලලිතාගේ හා කරුණානිධිගේ දේශපාලන පක්ෂවලට 1980 - 90 දශකයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලපෑම් කළ බව තවත් විකිලීක්ස් හෙළිදරව්වකින් අද (11) අනාවරණය කර ඇත. මෙලෙස බලපෑම් එල්ල වූ බවට එවක චෙන්නායි හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනය වෙත කේබල් පණිවුඩයක් මගින් දැනුවත් කර ඇති බව විකිලීක්ස් අනාවරණය කරයි. එහෙත් එම වකවානුවේ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් එල්.ටී.ටී.ඊ. යට එරෙහි ස්ථාවරයක කටයුතු කර ඇති බවත් එල්.ටී.ටී.ඊ. යට එරෙහිව උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජයලලිතා ඉල්ලීමක් කර තිබෙන බවත් විකිලීක්ස් හෙළිදරව්වේ සඳහන් වේ.

එල්.ටී.ටී.ඊ. ය තමිල්නාඩුව තුළ කිසියම් කලකට නිහඩ කිරීමට ජයලලිතාගේ මෙම දැඩි තීරණය හේතු වූ බව විකිලීක්ස් හෙළිදරව්වේ දැක්වේ. එහෙත් කරුණානිධි එල්.ටී.ටී.ඊ. යට ඇති බිය නිසා යම් පක්ෂග‍්‍රාහී ස්වභාවයකින් කටයුතු කර ඇති බව ද එහෙත් කරුණානිධි එල්.ටී.ටී.ඊ. යට එතරම් කැමැත්තක් නොදැක්වු බවද එම අනාවරණයේ තවදුරටත් සදහන්වේ.

මෙම පසුබිම තුළ කරුනානිධිගේ පාලන සමය තුළ එල්.ටී.ටී.ඊ. ය නිදහසේ තමිල්නාඩුවේ හැසිරුණු බව ද චෙන්නායි නුවර සිට වොෂින්ටනයට යැවුණු කේබල් පණිවුඩයේ සදහන් වූ බව විකිලීක්ස් අනාවරණයයේ වැඩිදුරටත් සඳහන් වේ. 

ඉන්දීය හමුදා මෙරට සාම සාධක මෙහෙයුම්වල නිරත වීමෙන් පසු එල්.ටී.ටී.ඊ ය ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා ඝාතනය කිරීමට පියවර ගෙන තිබු අතර,   මෙලෙස තමිල්නාඩුව වෙත එල්.ටී.ටී.ඊ බලපෑම් වැඩි වී ඇත්තේ ඉන් අනතුරුවය.

කසුන් දිසානායක
2013 අප්‍රේල්  11  10:04 a.m

http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=8826:2013-04-11-04-42-35&catid=34:news&Itemid=62

0 comments: