Pages

Thursday, April 18, 2013

සංගා, දිල්ෂාන් ඇතුළු ශ‍්‍රී ලංකා සුපිරි තරු IPL බංකුවේ

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගී වී ලකුණු 84 ක් ලබමින් අසාර්ථකත්වයට පත්වී සිටින සන්රයසිර්ස්  හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට එම කණ්ඩායමේ නායකත්වය අහිමිවී ඇත.

පසුගිය වසරේදීද කුමාර් සංගක්කාර අසාර්ථක වීම හේතුවෙන් තරග කිහිපයකම නායකත්වය අහිමිවී ගොස් තිබූ අතර ඔහු වෙනුවෙන් නායකත්වයට පත්කර තිබුණේ කැමරන් වයිට්වය. මේ අනුව ඊයේ පැවති තරගයෙන් සංගක්කාර ඉවත්කොට පසුගිය වසරේදී මෙන්ම නායකත්වය කැමරන් වයිට්ට පිරිනමා ඇත.

මේ අතර මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම පසුහිය  16දා පැවති තරගයද පාරාජයට  පත්වීම හේතුවෙන් මේ වන විට තරග 5කට සහභාගී වී තරග 5ම පරාජයට පත්වීම හේතුවෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වී සිටි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමග පැවති එම තරගයේදී දෙපිලම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයකදී තීරණය විසදුණු අතර එහිදී ජයග‍්‍රහණය කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී ඇත.

මේ අතර අයි. පී. එල්. තරගාවලියේ පූනේ චෝරියර්ස් කණ්ඩායම නියෝජනය කරන අජන්ත මෙන්ඩිස්ට තවමත් එක් තරගයකට හෝ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව නැත. රුපියක් කෝටි 9 කට ආසන්න මුදලකට (ඩොලර් 725000) අලෙවි වී සිටින අජන්ත මෙන්ඩිස් අයි. පී. එල්. තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ඉහළම ලංසුව ලැබූ තෙවැනි ක‍්‍රීඩකයා බවට පත්වී තිබිණි. 2008/09 සහ 2010 වසරවලදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ අජන්ත පසුගිය වසරේදී අයි. පී. එල්. තරගාවලිය සදහා ඇතුළත්ව සිටියේ නැත.

April 18, 2013 at 9:45 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93174/

1 comments:

Nishan de siva said...

හපොයි!!

මුන්ට හොඳ වැඩේ අපි එපා කියද්දී ගියාට!