Pages

Friday, April 19, 2013

කච්චතිවු දුපත ඉල්ලා කරුණානිධි නඩු මගට


කච්චතිවු දුපත යළි ඉන්දියාවට පවරා ගැනීමට අදාළ ව අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා තමන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානම් බව හිටපු තමිල්නාඩු මහඇමැති එම්. කරණානිධි සඳහන් කරයි.

ඒ සඳහා වන යෝජනාවක් ටෙසෝ (TESO) සංවිධානයේ ඉහළ පෙළේ, නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සම්මත කර ගැනීමට ද කරුණානිධි කටයුතු කොට ඇති බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය වාර්කා කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින කරුණානිධි සඳහන් කරන්නේ එවකට පැවැති රජය විසින් කිසිදු පනතක් සම්මත කිරීමකින් තොර ව, ඉන්දීය ව්‍යවස්ථාවට එරෙහි ව කච්චතිවු දුපත 1974 වසරේ දී කච්චතිවු ගිවිසුම හරහා ශ‍්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළ බවයි.

මේ වනවිටත් වර්තමාන තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට 1974 වසරේ දී මෙම ගිවිසුම අත්සන් කරන විට තමිල්නාඩුවේ මහ ඇමැති වශයෙන් කටයුතු කරනු ලැබුවේ කරුණා නිධි ය. නමුත් එවකට තමිල්නාඩු මහ ඇමැති වශයෙන් කච්චතිවු ගිවිසුමට එරෙහිවීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඔහු කටයුතු නො කළ බව වර්තමාන මහඇමැතිනි ජයලලිතා විසින් ප‍්‍රසිද්ධියේ කරුණා නිධිට චෝදනා කරනු ලැබී ය.

April 19, 2013 at 1:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93205/

1 comments:

ප්‍රතිවාදියා said...

ත්මිල්නඩුවට විතරයි මේ උන තියෙන්නේ.