Pages

Monday, April 8, 2013

බුදු දහම විකෘති කරන්නන්ට වැට, බොදු පොත් පත් හිතුමතේ මුද්‍රණය තහනම්

බෞද්ධ පොත් පත් මුද්‍රණයට පෙර අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ මණ්ඩලය පිහිටුවීමට කටයුතු යොදා තිබේ. බුදු දහම විකෘති කරන හා බුදු දහමට නිගා දෙන ග්‍රන්ථ මුද්‍රණය කිරීම වැළැක්වීම උදෙසා මෙම තීරණය ගත් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහතා පවසයි.

මේ මණ්ඩලය තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සිව් නම විසින් නම් කරන සාමාජිකයින් සිව් දෙනකුගෙන්ද, කැලණිය ශ්‍රී ජයවර්ධනපුර පේරාදෙණිය රුහුණු කොළඹ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලවල හා බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයෙහි අංශ ප්‍රධානියා හෝ ඔහු විසින් නම් කරනු ලබන විෂය පිළිබඳ විශ්ව විද්‍යාලයෙහි ආචාර්යවරයකුගෙන් ද කොළඹ විද්‍යොදය පිරිවෙනෙහි හා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේණාධිපතින් වහන්සේ දෙනම ද, බෞද්ධ කටයුතු පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන විෂයය පිළිබඳ ප්‍රවීණතාවයකින් යුත් සාමාජිකයකුගෙන් ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගේ එකඟත්වය ඇතිව බෞද්ධ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නම් කරනු ලබන බෞද්ධ සංවිධානයක නිලධාරියකුගෙන් ද සමන්විතය.

මේ යටතේ බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත මේ වනවිටත් සකස් කර අවසන් බව ද කොමසාරිස්වරයා සඳහන් කරයි.

April 7, 2013 at 9:59 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92803/

0 comments: