Pages

Friday, April 5, 2013

තිස්‌ස නිවසේ භාරකාරත්වයෙන් පාස්‌ටර්ගේ නැගණිය ඉවතට

දකුණ පළාත් පරිවාස කොමසාරිස්‌වරිය විසින් තිස්‌සමහාරාම බෝගහපැළැස්‌ස ළමා නිවාසයේ භාරකාරත්වය පෙරේදා (03 වැනිදා) පාස්‌ටර්වරයාගේම නැගණියට පවරනු ලැබූවද ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ඊයේ (04 වැනිදා) යළි එම භාරකාරත්වයෙන් ඉවත් කිරීමට කොමසාරිස්‌වරිය පියවර ගත්තාය.

මෙම දරුවන් සත්ත්ව ඝාතනයට යොදා ගත් බවට චෝදනා ලැබූ පාස්‌ටර්ගේ නැගණියට පැවරුවේ මන්දැයි zදිවයිනZ කළ විමසීමකදී දකුණු පළාත් පරිවාස හා ළමාරක්‍ෂක කොමසාරිස්‌ ඉඳුමිණි ලියනගේ මහත්මිය පැවසුවේ ඇය එම පාස්‌ටර්ගේ නැගණිය බව තමා නොදැන මෙම පැවරීම කළ බවයි.

එම ළමා නිවාසයේ දැනට සිටින දරුවන් හැත්තෑදෙනා එම ළමා නිවාසයෙන් ඉවත් කර ගැනීම සඳහා ඊයේ (04 වැනිදා) තිස්‌සමහාරාම අධිකරණයට මෝසමක්‌ ඉදිරිපත් කළ බැව් දකුණු පළාත් පරිවාස කොමසාරිස්‌ ඉඳුමිණි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

දකුණ පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය.

දෙපාර්තමේන්තු පටිපාටියට අනුව තමයි මෙම සිද්ධියෙන් පසු මෙම ළමා නිවාසයේ පාලන මණ්‌ඩලයට දෙදෙනකු පත් කළේ. ඒ අනුව ආනන්ද පියතුමා හා ලාලනී ජයසිංහ යන අය පත් කළා. ළමා නිවාසයේ පාලකවරයාගේ ඥාතීත්වය ගැන සැලකිලිමත් වුණේ නැහැ. ළමුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් තාවකාලිකව තමයි මේ කටයුත්ත කළේ. සත්ත්ව ඝාතන සඳහා යොදාගත් දරුවන් දහදෙනා එම ළමා නිවාසයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. දැනට එම ළමුන් හික්‌කඩුව සහතික කළ පාසලට යොමු කොට තිබෙනවා.

ඉතිරි ළමුන් හැත්තෑදෙනා ළමා නිවාසයෙන් ඉවත්කර ගැනීම සඳහා තමයි අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට කටයුතු කරන්නේ. ඒ සඳහා මෝසමක්‌ අධිකරණයට ඉදිරිපත් කළා. එම ළමුන් රජයේ ළමා නිවාසවලට ඇතුළත් කිරීමට කටයුතු කරනවා.

මෙම අවස්‌ථාවට දකුණ පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල. දකුණ පළාත් පරිවාස සහ ළමාරක්‍ෂක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අලහකෝන්, ආණ්‌ඩුකාර ලේකම් ලාල් සමරසේකර යන මහත්වරු ද එක්‌ව සිටියහ.

තුෂාරී කළුබෝවිල, ලලිත් චාමින්ද - ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි
http://www.divaina.com/2013/04/05/news08.html

[
සබැඳි ලිපි -

බෝගහපැලැස්ස ළමා නිවාසය ගැන කිතුනු සභාවත් අගරදගුරුත් නිහඬ ඇයි? - JHUhttp://denethharinna.blogspot.com/2013/04/jhu_5517.htmlතිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6264.html
අනාථ දරුවන් ලවා ඌරන් මැවූ දේවගැතිවරයා අත්අඩංගුවට
http://denethharinna.blogspot.com/2013/03/blog-post_439.html
]

0 comments: