Pages

Wednesday, April 3, 2013

‘සිංහල කඩ වර්ජනය කරනු, අසමගි සිංහලයා පරදවමු’ – මුස්ලිම් සුරැකීමේ සන්ධානය

සිංහල ව්‍යාපාරික ස්ථාන වර්ජනය කරන ලෙස ඉල්ලමින් ‘මුස්ලිම් සුරැකීමේ සන්ධානය’ නමැති සංවිධානයක් මඟින් ඊයේ දිවයින පුරා සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය රට තුල සැලකිය යුතු මට්ටමින් නොපැවුත්වුන බව වාර්තා වේ.

මෙම විරෝධයේදී සිංහල ජනතාවට විරෝධය පළ කිරීම සඳහා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ඊයේ දහවල් 12.00න් පසු ව වසා දමන ලෙස ඉල්ලා තිබුණ ද, කුරුණෑගල ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන 95% කටත් වඩා ඊයේ දිනය මුළුල්ලේ විවෘත පැවැතුණි.

‘සිංහල කඩ වර්ජනය කරනු – මුස්ලිම් ජීවිත සහ සංස්කෘතික අයිතිවාසිකම්වලට බලපෑම් නො කරනු, අසමගි සිංහලයා පරදවමු – මාර්තු 25 අපේ බලය පෙන්වමු’ යනුවෙන් බැනර් රාශියක් ඊයේ කුරුණෑගල නගරය පුරා ප‍්‍රදර්ශනය කර තිබින.

March 26, 2013 at 1:14 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92353/

0 comments: