Pages

Saturday, April 13, 2013

බක්‌මහ උළෙලේ ඓතිහාසික පසුබිම හා ජනගී - ජනක්‍රීඩා

සිංහල අලුත් අවුරුද්ද යනු වසර තුන්දාහක්‌ පමණ වූ අනාදිමත් කාලයක පටන් සිරිලක සංස්‌කෘතියේ සශ්‍රීකත්වය විදහා පාමින් පවත්වාගෙන එනු ලබන ජාතික සැණකෙළියක්‌ යෑයි හැඳින්වීම වඩාත් සාධාරණයි.

බක්‌මහ උළෙල සිංහල දමිළ සංස්‌කෘති සුසංයෝගිත්වයෙන් අභිරමණීය වී කල එළි බසින පොදු ජන මංගල්‍යයක්‌ ලෙස තවත් අතෙකින් හඳුන්වා දීමට ද පිළිවන. මේ මහා සැණකෙළි මංගල්‍යය සාරධර්මවලින් සමාජයීය එකමුතුකම, සමගිය ප්‍රකට කරන උත්සවයක්‌ විය.

ලෝකය අඳුරින් ආලෝකවත් කරන සූර්ය දිව්‍ය රාජයාගේ බලමහිමය මත ලෝකයෙහි පැවැත්ම තීරණය කෙරෙන බව ජන සමාජය තුළ අතීතයෙහි පටන් පැවති විශ්වාසයක්‌ විය. භාරතය, ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලත් සූර්ය දේව වන්දනාව උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේය. සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ සූර්යයා රාශි දොළහේම ගමන් කොට වසරක්‌ ගතවීමෙන් අනතුරුව මීන රාශියට පැමිණීමෙනි. මීන රාශියෙන් මේෂ රාශියට සැපත්වීම නැවත සිදුවීම සමරමින් මුළුමහත් ජාතියක්‌ සමගි සම්පන්න මාවතකට යොමු කරවනු ලබන්නේ, මේ ජාතික අවුරුදු උළෙල මුල්කොට ගෙනය.

ඈත අතීතයේ දඹදිව් තලයෙහි ශක නම් වූ රාජ පරපුරක්‌ තමන්ගේ නාමය පවත්වා ගැනීම ඇරඹි වර්ෂ ක්‍රමය ශක රාජ වර්ෂ ලෙස හැඳින්වේ. එලෙස සලකන විට සිංහල බෞද්ධයන් මෙන්ම දමිළ හින්දු බැතිමතුන් පවත්වන්නේ ශකවර්ෂ අනුව පැවතගෙන ආ සැමරෙන උත්සවයක්‌ ලෙසිනි. එසේ සලකත්, සෑම වර්ෂයකම බක්‌මහ උළෙල පැවැත්වෙන දින වකවානු තීරණය කරගනු ලබන්නේ සුර්යයාගේ ගමන් මග අනුකූලවය.

මීන රාශියේ සිට නැවත මේෂ රාශියට පැමිණීමට පෙර නැකතක්‌ නැති "නොනගත කාලයක්‌" තිබේ. මේ සංක්‍රාන්ති කාලය අප සමාජය හඳුන්වන්නේ අපල කාලයක්‌ ලෙසය. ජ්‍යෙdතිර් ශාස්‌ත්‍රඥයන්ගේ විද්‍යානුකූල උපදෙස්‌ පරිදි කටයුතු කරන අප සමාජය පැරැන්නන්ගේ අදහස්‌වලට තවමත් ගරු කරන බවක්‌ පෙනේ. නොනගත කාලය ගත කළේ බොහෝ විට පන්සලකට හෝ කෝවිලකට ගොස්‌ පුණ්‍ය කටයුතුවල යෙදීමෙනි. පරණ අවුරුද්දේ සඳ බැලීමේ චාරිත්‍රයද පැවතී තිබුණි. මෙසේ සඳ බැලීමේදී කාසි හෝ රන් රිදී ස්‌වල්පයක්‌ අත මිට මොලවාගෙන සිටීමද සිරිතක්‌ ලෙස පැවතිණි. සිංහල අවුරුදු කාලයෙහි නවමු බවකින් යුතුව සැදී පැහැදී, සැරසී උළෙල පැවැත්වීමේ අපේක්‍ෂාවෙන් කටයුතු කිරීම, මෙහි අසිරිය ලෙස සැලකිය හැක. අතීතයෙහි පටන්ම බක්‌මහ සමය කෙත්වතු පලබරින් සමෘද්ධිමත් වී පවත්නා කාලවකවානුවක්‌ විය. ධර්ම "දීපිකාවේ සඳහන් පරිදි වසන්ත කාලයෙහි ඇති චමත්කාරය නම් පරිසරය හා වනසතුන් පවා ප්‍රබෝධවත් වන බවය. එම නිසා ජනතාවගේ අටුකොටු පිරීගොස්‌, අතමිටද සරුසාරව පැවැති බැව් පිළිගැනිණි.

"සද්ධර්ම රත්නාවලි" යෙහි පරිදි "ඇසල මස හෙයින් නකත් කෙළියක්‌ ඇත" යනුවෙන් සඳහන් වේ. එකල රාජ සභාවේ ප්‍රමුඛ නිලධාරීන් අතර "නක්‌ෂත්‍ර ධාරීන්" "නැකෑත්නා" යනුවෙන් නිලධාරියකු සිටි බැව් සඳහන් වේ. එදවස රාජ නක්‌ෂත්‍රඥයන්ගේ විධාන, එකම රටාවකින් මුළු රටවැසියන් අතර නොවෙනස්‌ව ක්‍රියාත්මක කරලීමට හැකිවිය.

නව අවුරුද්දට පිවිසීමේදී නැකැත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් නව ඇඳුමින් පැලඳුමින් සැරසී ළිපගිනි මෙලවීම, ආහාර පිසීම, ගෙවල කිරි ඉතිරවීම, පොල්තෙල් පහනක්‌ දැල්වීම, ආහාර අනුභව කිරීම සිදුවිය. මෙහිදී මුංකැරලි, වැලිතලප, කැවුම්, කොකිස්‌, අතිරස, අලුවා, ආස්‌මි, පැණිවළලු, කිරිබත්, පැණිබත් ඇතුළු තවත් බොහෝ රසනහර පිනා යන ඉදුණු කෙසෙල් ඇතුළු කෑම බීමවලින් සැනහී, අනතුරුව කෙළි සෙල්ලම්වල යෙදෙමින් පරණ අවුරුද්ද ඉක්‌මවා පෙරමගට ගමන් කිරීම අප සමාජයෙහි පවත්නා පැවතුම් වන්නේය. බොහෝ විට වැඩිහිටියන්ට බුලත් හුරුලු දීමෙන් හා තෑගි බෝග ප්‍රදානයෙන් බුහුමන් දැක්‌වීමේ චාරිත්‍රයද උසස්‌ ගති සිරිත් වේ. වැඩිහිටියනට හා බාලයනට නව වස්‌ත්‍ර තෑගි බෝග ප්‍රදානයද මෙහිදී සිදු කෙරේ. එමගින් බාල වැඩිහිටි සැමදෙනා අතර ආදරය හිතවත්කම බැඳීම ගෞරවය තහවුරු වේ.

බෞද්ධ - හින්දු සමාජය වෙත බක්‌මහ උදාව පිළිබඳ ආරංචිය පළමුවෙන්ම දැනුවත් කරනු ලබන්නේ කොවුලාගේ "කොහෝ - කොහෝ" යන මිහිරි නාදයෙනි. ගම්දනව්හි එරබදු ගස්‌ රතුපාට මල්වලින් ගැවසී ඇත.

"එරබදු මල් මොට්‌ටු මොට්‌ටු අවුරුද්දත් කිට්‌ටු කිට්‌ටු" යනු අප සමාජයේ පවත්නා ජන ගීයකි.

පෙර කල දඹදිව් තලයෙහි බුදුන් වහන්සේට සමකාලීනව, අපේ බක්‌මහ උළෙලට සමාන වූ "ගිරග්ග සමඡ්ජ" නමින් ගැයුම් වැයුම්වලින් යුත් විශේෂ උත්සවයක්‌ පැවැති බව "ධම්මපදට්‌ඨ කතාවේ" සඳහන්ව ඇත. මහාචාර්ය විල්හෙල්ම් ගෛගර් මහතා පවසන්නේ එකී උත්සවය ආගමික උත්සවයකට වඩා විනෝද ජනක උත්සවයක්‌ ලෙස පැවැති බවකි. ග්‍රීසියේ ක්‍රි. පු. 250 දී පැවැත්වුණු වසන්ත සැණකෙළිය සශ්‍රීකත්වයේ සැණකෙළියක්‌ ලෙස පැවතිණ. මේ උත්සවය පැවතුණේ ජලක්‍රීඩාව හා සබැඳි ක්‍රීඩාවක්‌ ලෙසය. භාරතයෙහි සූර්ය සැණකෙළියට සමගාමීව ගිරග්ග සමඡ්ජ ආදී වූ කාම උත්සව ගණනාවක්‌ පැවැති බවද ප්‍රකට වේ.

මහාචාර්ය පුංචිබණ්‌ඩාර සන්නස්‌ගල සූරීන් පවසා ඇති පරිදි සිංහල ජාතියේ මහත් හරසරයට පාත්‍රව තිබෙන පළමු උත්සව දිනය ලෙස මිහිඳු මහ තෙරණුන් වහන්සේගේ කාලයේ පටන්ම සිංහල අවුරුදු චාරිත්‍ර පැවැත්වීම සම්මතව පැවැති බව ප්‍රකටය. මහින්දාගමනයේ පටන් භාරතයේ පැවැති දේව සංකල්පයේ ප්‍රමුඛත්වය හිරු දෙවියන් වෙත උපහාර පිදීම වේදයේ උපන් නක්‌ෂත්‍රයට අනුව බක්‌මස දහතුන දිනය එළැඹිණ.

තවත් අතකින් සලකා බලන විට අතීතයේ පටන් අප රට ආගමික චාරිත්‍රයනට රාජ - රාජ මහාමාත්‍යයන් පවා අනුග්‍රහය ලබාදී ඇත. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ද, ශ්‍රී දළදා වහන්සේද, වෙනුවෙන් මෙරට අස්‌වැද්දූ අලුත් සහලින් පිසූ කිරිබත් හා පහන් පූජාවක්‌ද පවත්වා අනතුරුව පුෂ්පෝප පූජාවන්ගෙන්ද කටයුතු ආරම්භ කිරීමේ සිරිතක්‌ පැවැති බැව් පෙනේ. 

අප සමාජයේ වාරිකර්මාන්ත සරුසාරවී ගොවිතැන් කටයුතු සෞභාග්‍යවත් වීමට ඉර - සඳ- අව්ව - වැස්‌ස ආදී වූ සොබා දහම දේවත්වයෙන් පුදනු ලැබූහ. බක්‌ මාසයේදී විශේෂයෙන් ඉරු දෙවියන්, සඳ දෙවියන්, පත්තිනි දෙවියන් සිංහල බෞද්ධයන් වෙතින් බුහුමන් ලබති.

මතු බුදුබව ලබන්නට පෙරුම් පුරන ශ්‍රී පත්තිනි දෙවඟන සිංහල බෞද්ධ හා හින්දු සමාජයෙහි වැඳුම් පිදුම් ලබති. පත්තිනි දෙවිඳුන් ස්‌ත්‍රීකත්වය ගෙනදෙන දෙවඟනකි. අනුරාධපුර මුල් යුගයෙහි ගජබා රජු සමයෙහි පටන් නවගමුව පත්තිනි දේවාලය, පත්තිනි ඇදහිල්ල විශේෂ වශයෙන් අවුරුදු සමයෙහි සමාජයෙහි ව්‍යාප්තව පැවතිණි. පානදුර කෙසෙල්වත්ත දියපිට පත්තිනි දේවාලය හා දේව ඇදහිලි පුවත් කෝට්‌ටේ හයවැනි පරාක්‍රමබාහු රජු සමයටත් සම්බන්ධව ඇති බවට, පැරණි ලේඛන සාධකවලින් තොරතුරු හෙළිවේ. කිරි අම්මාවරුනට දානය පිරිනැමීම - කුඩා දරුවන් වසරකට වරක්‌ දෙවියන්ට පූජාකර කැප කිරීමෙන් ලෙඩරෝගවලින් ඔවුන්ගේ රැකවරණය ආරක්‍ෂාව ලබාගැනීම - බාරහාරවීම ආදී චාරිත්‍ර රැසක්‌ බක්‌මහ උළෙල සමයට සමගාමීව දක්‌නට ලැබේ. ජල ක්‍රීඩාද පැවතිණ.

සංස්‌කෘත මහා කවි - කාලිදාසයන්ගේ "සෘතු සංහාරයෙහි" වසන්ත කාලය ශ්‍රියාවන්ත වූ ආකාරයෙන් යහපත් වූ කාල පරිච්ඡේදයක්‌ ලෙස වර්ණාවී ඇති බව මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන්ගේ එහි සිංහල පරිවර්තනයෙහි සඳහන් වේ.

ගමේ තව තැනෙක අං ඇදීම, පොර පොල් ගැසීම, චක්‌ගුඩු පැනීම, එල්ලේ ගැසීම යන ක්‍රීඩාවන් කරන අයුරු දක්‌නට ලැබිණ. එමෙන්ම ගමේ ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ ඇති ස්‌ථානයෙහි නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයෙහි තිරික්‌කල රේස්‌, හා ඇතැම්විට අලි රේස්‌ද ආශ්වාද ජනක ලෙසින් නැරඹිය හැකිව තිබිණ.

පැරණි සිංහලයා විනෝදය සඳහා මනස මෙන්ම කය වෙහෙසා කරන විවිධ ක්‍රීඩාවන්හිද නිරත වුණු බව ශ්‍රී ලංකා විෙද්‍යාaද්‍ය විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා ශාස්‌ත්‍රපීඨාධිපති මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ගේ "සිහලයේ ත්‍රාසජනක ක්‍රීඩා" නම් කෘතියෙන් බොහෝ තොරතුරු හෙළිවේ. ශක්‌ති සම්පන්න තරුණයන්ගේ ශාරීරික ජවය විදහා දැක්‌වෙන මල්ලව පොර බක්‌මහ උළෙලට සමගාමීව එදවස පැවැත්වුණු අතර "ඇම්බැක්‌කේ ළී කැටයම්" කරුවන්ගේ මූර්ති ශිල්පීය කැටයම් ශිල්ප කලා මගින් ඒ පිළිබඳ තොරතුරු මනා ලෙස හෙළිවේ.

තරුණ හා වැඩිහිටි පිරිමින් අතර විවිධ නැටුම්, ඇඳුම් ආභරණවලින් සැරසී සිදු කෙරිණ. රුවැති අඟනන් අතර පංචකල්‍යාණි තරග නූතන යුගය කරාද ප්‍රචලිතව තිබේ. ඔන්චිලි පැදීම හා ඔන්චිලි වාරම් ගායනයද ප්‍රචලිතව ගොඩනැඟê ඇත. සැණකෙළි සමයෙහි රබාන වටකරගත් කාන්තාවන් රබන් වාදනය කරති. එදා ගම්වල තිබුණේ උත්සව සැණකෙළියකි. හේවිසි වාදනය, ඝන්ඨාර නාදය, සක්‌හඬ නොඅඩුව ඇසෙන්නට විය.

එළකිරි මිශ්‍ර කිරිබත් ආහාරයක්‌ පිළියෙල කරගැනීමෙන් නිවසට සෞභාග්‍ය ළඟාවන බව ප්‍රවීණ ජ්‍යෙdතීර් විද්‍යාඥ වෑවල ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත. භාරත දේශයේ එළදෙන සෞභාග්‍යයේ සංකේතයකි. එවන් පින්වත් කිරි මවක්‌ බඳු වූ එළදෙනගෙන් දොවාගත් එළකිරිවලින් සකසන කිරිබත වාසනා ගුණයෙන් අනූනය.

විද්වත් අරිසෙන් අහුබුදු සූරීන් පුරාතන සිරිතට අනුව වැඩ ආරම්භ කර ළිඳ සමග ගනුදෙනු කිරීමේ දී "සබ්බ පාපස්‌ස අකරණං, කුසලස්‌ස උපසම්පදා" යන ගාථාව ගායනා කොට වැඩ ආරම්භ කිරීමේ වැදගත් කම පෙන්වා දී ඇත. එය මෙලොවටත් - පරලොවටත් වැඩදායක ගාථාවකි.

"බුලත" නාග ලෝකයෙන් ගෙනා, බවට ඓතිහාසික ජනප්‍රවාද ඇත. බුලත් හුරුල්ලක්‌ දී භික්‌ෂු - භික්‌ෂුණීන්, වැඩිහිටියන්, ගුරුවරුන් වෙනුවෙන් බුහුමන් දැක්‌වීමේ අගනා අතීත පුරුදු - බක්‌මහ උළෙලේදී අප නැවත පුරුදු පුහුණු කරගත යුතුව ඇත.

ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා
හිටපු සංස්‌කෘතික සහකාර අධ්‍යක්‍ෂ
http://www.divaina.com/2013/04/14/feature18.html

0 comments: