Pages

Wednesday, April 10, 2013

‘උතුර-නැගෙනහිර ඒකාබද්ධ කරනු’ - TELO

දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානය සිය වාර්ෂික සමුළුවේ දී උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන්නැයි යෝජනාවක් සම්මත කරගන්නා ලදී.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර සංවිධානයක් වන ටෙලෝ පක්ෂයේ නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් තේරී පත්විය.

හිටපු මන්ත‍්‍රී එම්. කේ. සිවාසිලිංගම් මහතා එහි ජාතික සංවිධායක ලෙස පත්විය. දෙමළ ජනතාවගේ දේශපාලන ප‍්‍රගතියට පිළිතුරක් ලෙස උතුරු නැගෙනහිර යළි එක්කොට ෆෙඩරල් රාමුවක් යටතේ බලය බෙදිය යුතු බව එහි දී අවධාරණය කරන ලදී. සන්නද්ධ කණ්ඩායමක් ලෙස 1969 පිහිටුවනු ලැබූ ටෙලෝ සංවිධානයට 1970 දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ද එක්විය. නමුත් ඔහු 1974 දී ඉන් ඉවත්ව යළි 1980 දී එක්විය.

1982 ඉන් ඉවත්ව ගිය ඔහු යළි ටෙලෝ සංවිධානයට එරෙහිව යුද්ධය ප‍්‍රකාශ කළේ ය. 1986 මැයි මස 6 වැනිදා ටෙලෝ සංවිධානයේ නායක එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කෙරිණි.

April 9, 2013 at 4:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92897/

0 comments: