Pages

Wednesday, April 17, 2013

කොටි ත්‍රස්තයන්ගේ සඟයක් රකින ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්! 3ක් මරුට. 8කට අසාධ්‍යයි. 14කට බරපතළයි.

වාර්ෂිකව පවත්වනු ලබන ඇමරිකාවේ ලෝ පූජිත බොස්‌ටන් මැරතන් තරගාවලියේදී සිදු වූ බරපතළ පිපිරීම් දෙකකින් තිදෙනෙකු මියගොස්‌ 144දෙනකුට අධික පිරිසකට තුවාල සිදු වී ඇත.

ඉන් එක්‌ අයෙක්‌ අට හැවිරිදි දරුවෙකි. පෙරේදා (15 දා) සවස 2.50 ට මෙම පිපිරීම් සිදුවී තිබේ. පිපිරීම්වලින් නැඟුණු ගිනි ජාලාව අඩි 50 ක්‌ ඉහළට නැගුණු බව බොස්‌ටන් පොලිසිය කියයි.

තුවාල ලැබූවන්ගෙන් අටදෙනකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර තවත් 14 දෙනෙකු බරපතළ තුවා ලබා ඇතැයි බොස්‌ටන් පොලිසිය කියයි. තවත් විසිපස්‌දෙනකුගේ පමණ පාද කැඩී ඇත. පොලිසිය තවත් පිපිරීම් උපකරණ පහක්‌ නිෂ්ක්‍රීය කර ඇත.

සිද්ධිය සැල වූ විගස ජනතාව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා මේ පිපිරීම් සිදු කළවුන් සොයා ඔවුන්ට නිසි විනිශ්චය ලබාදෙන බව කියා සිsටියේය.

මේ අතර ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය දක්‌වන්නේ යකඩ බෝල යොදා තැනූ පයිප්ප බෝම්බ දෙකක්‌ මෙම පිපිරීම් සඳහා යොදා ගෙන ඇති බවයි.

මෙම පිපිරීම් සිදුවීමත් සමඟම බොස්‌ටන් නගරය අවට අහස්‌ කලාපයේ ගුවන් යානා පියාසර කිරීම තහනම් කරනු ලැබීය.

මෙකී පිපිරීම් සිද්ධියත් සමගම කලබලකාරී ස්‌වරූපයෙන් පැන යමින් සිටි සවුදි අරාබියානු සිසුවකු එµa. බී. අයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පිළිස්‌සුම් තුවාල ලබා තිබේ.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මැරතන් තරගය නිමාවීමත් සමඟම පිපිරීම් සිදුÊවී ඇති බවයි.

සිද්ධිය සියෑසින් දුටු බොස්‌ටන් පොලිස්‌ නිලධාරියකු වන රුපන් බැස්‌ටාජින් පැවසුවේ තමා පිපිරීම් සිදු වූ ස්‌ථානයට යන විට විසිපස්‌දෙනකු තිස්‌ දෙනකු අතර පිරිසක්‌ පාද කැඩී වැටී සිටිනු දුටු බවයි.

ඇමරිකාවේ මැසචූසෙට්‌ස්‌ ප්‍රාන්තයේ දේශප්‍රේමී දිනය යෑයි හඳුන්වන දිනයේදී වාර්ෂිකව පවත්වන මෙම මැරතන් තරගයට තරගකරුවෝ විසිතුන්දහසක්‌ පමණ සහභාගි වෙති.

1775 වසරේ ඇමරිකානු විප්ලවයේ යුද ජයග්‍රහණය සැමරීම සඳහා zදේශප්‍රේමී දිනයZ රජයේ නිවාඩු දිනයක්‌ ලෙස නම් කර තිබේ.

මේ අතර මෙම පිපිරීම් ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ ලෙස සලකන බව ද ඊට සම්බන්ධ වූවන් හඹායන බව ද ඇමරිකානු රජය පවසයි. 

මෙතෙක්‌ මෙම පිපිරීම් ගැන කිසිම සංවිධානයක්‌ වගකීම් භාරගෙන නැත.

මුල්ම පිපිරීම මැරතන් තරගකරුවන් දිවයන මාර්ග අසල පිහිටි ක්‍රීඩා භාණ්‌ඩ වෙළෙඳසලක්‌ තුළදී ද දෙවැනි පිපිරීම ඊට යාර 100 කට ඈතින් ද සිදුව තිබේ.

මේ අතර බොස්‌ටන්හි ජෝන් ඔµa කෙනඩි පුස්‌තකාලය තුළ ද බෝම්බයක්‌ පිපිරී ගින්නක්‌ හටගෙන ඇති අතර ඉන් කිසිවකුටත් හානියක්‌ සිදුව නැත.

මෙම පිපිරීම්වලට සම්බන්ධ යෑයි සැක කරන කළු ඇඳුමකින් සැරසුණු කාල වර්ණ පුද්ගලයකු මැරතන් ධාවන තරගය පැවැති මාර්ගයට අවතීර්ණ වීමට උත්සාහ කළ බවත් ඔහු විදේශිකයකු බවත් එµa. බී. අයි. පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත. ඔහුගේ කරේ සැකකටයුතු බෑගයක්‌ තිබූ බවත් වාර්තා වී තිබේ. මෙම බොස්‌ටන් පිපිරිම ගැන ඇමරිකානු මාධ්‍ය පවසන්නේ පිපිරීම් සිදු වූ ස්‌ථානය මුළුමනින් ම යුද කලාපයක්‌ සේ දිස්‌ වූ බවය. තුවාලලත් තරගකරුවන් හා ළමුන් හඬනවා අපි දුටුවා. මෙය බිහිසුණු ක්‍රියාවක්‌. ලේ වලින් පිරි මිනිසුන් ආධාර ඉල්ලා දිවගියා යෑයි බොස්‌ටන් මාධ්‍ය කියා සිටියේය.

මේ අතර මැස්‌චුසෙට්‌ ආණ්‌ඩුකාර වේපල් පැටි්‍රක්‌ පැවසුවේ බොස්‌ටන් නගරය ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට ක්‍රියාකර ඇති බවයි.


ත්‍රස්‌තවාදයෙන් ඇමෙරිකාවත් දෙදරයි. මරණ තුනයි 144 දෙනකුට තුවාල
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/04/17/news05.html

0 comments: