Pages

Thursday, April 25, 2013

සුන්නි-ෂියා මුසලුවන් ඉරානයේදී එකිනෙකා මරාගනිති

ඉරාක ආරක්ෂක භටයින් සහ සුන්නි මුස්ලිම් වරුන් අතර ඇති වී ඇති ගැටුම් හේතුවෙන් දැනටමත් 53 දෙනකු හට මරු කැදවා ඇත. මෙම භිෂණය ආරම්භ වී ඇත්තේ ආරක්ෂක හමුදා විසින් හවිජා හී පැවති උද්ඝෝෂනයක් මර්ධනය කිරීමට තැත් කිරීමත් සමගය.

පසුගිය අගහරුවාදා පැවති කලබලකාරි තත්වය පසුගිය දෙසැම්බර් සිට පැවති තත්වයන්ට වඩා ඉතාමත් උග‍්‍රව ඇත. මෙය උග‍්‍රවී ඇත්තේ සුන්නි මුස්ලිම් වරු ෂීටේ අගමැති නූරි අල්-මලික් තම රජය විසින් ඔවුන්ව සෑහෙන අසාධාරනයට ලක් කිරීම හේතුවෙනි.

මෙම ප‍්‍රශ්න උත්සන්න වීම හේතුවෙන් එම රජයේ සිටින සුන්නි මුස්ලිම් මන්තී‍්‍රවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වී ඇත. එලෙස ඉවත්වූයේ අධ්‍යාපන අමත්‍යවරයා වන මොහොමඞ් අල් තමීම් සහ තාක්ෂණික ඇමති වන සලිහ් අල් මුත්ලක්ය.

හමුදාව විසින් පෙළපාලියට පහර දෙද්දී තමන් සතුව කිසිම ආයුධයන් නොතිබුන බව  පුද්ගලයෙකු විසින් රොයිටර් වාර්තා සදහා පවසා ඇත. නමුත් හමුදාව පවසනුයේ ඔවුන් පෙළපාලියට පහර දීමට හේතුව වනුයේ පෙළපාලි කරුවන් අත ආයුධ තිබු නිසා බවය.

තවද හමුදාව සතු වාහන මගින් පෙළපාලි කරුවන් කිහිප දෙනෙක් යට කරන් ගිය බවද පැවසේ. මෙම ගැටුමත් සමග අල් රෂාද් සහ අල් රියාද් නගර වල තිබු ආරක්ෂක මුරපොලවල් කිහිපයකට පිස්තෝල කල්ලි කිහිපයක් විසින් ප‍්‍රහාර එල්ල කොට ඇත.

දැනට තත්වය පාලනය කිරිම සදහා රජය විසින් එම පළාත් සදහා ඇදිරි නීතිය පනවා ඇත. එමෙන්ම එම පළාත්වල උද්ඝෝෂණ කරුන්ට අයත් තාවකාලික කූඩාරම් රජය විසින් ගිනි තබමින් සිටි.

ඉරාකයේ සුන්නි-ෂියා සටන්වලින් 50කට අධික පිරිසක් මරුට
April 25, 2013 at 9:16 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93464/

0 comments: