Pages

Wednesday, April 3, 2013

තමිල්නාඩු ගෝරනාඩුව නිසා 13 දිය යුතු නෑ - ගෝඨා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ඇති වී ඇති තත්වය මෙරට තුල 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදා හැරීමට යැයි නැගෙන ඉල්ලිම ඉවත දැමීමට සාධාරණ හේතුවක් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

එසේම විරුද්ධ පාක්ෂික පළාත් සභා පාලනයක් උතුර පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇති වුවහොත් එය යුද්ධයෙන් පසු ඇති වන සහජීවන ක්‍රියාමාර්ගයට දැඩි බාධකයක් විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.මධ්‍යම ආණ්ඩුවට  අවනත නොවන පලාත් සභාවක් පිහිටවීම භයානක දේශපාලන ක්‍රියාමාර්ගයක් බව ගෝඪාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී. ඉංග්‍රීසි පුවත්පතක් සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙ අදහස් පල කර තිබේ.

වැඩිදුරටත් අදහස් පළකරන රාජපක්ෂ මහතා “අපට අවස්ථා ගණනාවකදී අත්දැකීම් තිබෙනවා අපගේ සබඳතාවලට විදෙස් මැදිහත්වීම් සිදුකරපු.අප කිසි විටෙකත් ඉඩ දෙන්නේ නෑ බාහිර බලවේගවලට අපේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි ගහන්න.බටහිර රටවල් විසින් තමිල්නාඩුබ පාවිච්චි කරමින් ඉන්නව මධ්‍යම ආණ්ඩුව ඔවුන්ට අවශ්‍ය පරිදි නටවන්න.” යැයිද පැවසීය.

මීට පෙර කිහිප වරකදීම 13 ට එහා යන බලය බෙදීම පිළිබඳ පැහැදිලි විරෝධයක් ආරක්ෂක ලේකම් වරයා විසින් පෙන්වා දී තිබිණ.මෑතකදී ඔහු ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.” දැන් යුද්ධයෙන් පසුව එක එක්කෙනා ලය බෙදීම බෙදීමක් ගැන කතා කරනවා. සමහර බාහිර රටවල් පවා. ඒත් ඒ අය කොහොමද අපේ රටේ බලය බෙදීමක් ගැන කතා කරන්නේ.මේක ස්වෛරී රටක්. අපේ ආණ්ඩු පත් වෙලා තියෙන්නේ ජනතා චන්දයෙන්.බලය බෙදීම අවශ්‍යද නැද්ද යන්න තීරණය කල යුත්තේ මෙරට ජනතාවයි.එසේ නැතිව මේ එක් එක් රටවල බෙදුම්වාදී කල්ලි නොවෙයි.”

මෙරට ජාතික බලවේග පසුගිය කාලය මුලුල්ලේම හඬ නගන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම සිදු නොකරන ලෙසත් දැනට ව්‍යවස්ථා ගත වී ඇති පලාත් බලට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය හැකි වගන්ති වහා අවලංගු කර දමන ලෙසත්ය.එසේ නොවුවහොත් ඉදිරියේදී එල් ටී ටී හිතවාදී බෙදුම්වාදීන් අතට පළාත් සභාවේ බලතල ගියහොත් එය රට බෙදීම දක්වා වර්ධනය විය හැකි අනතුරක් බවද  , රටට හතුරු බලවේග කඩිනම් උතුරු පළාත් මැතිවරණයක් ඉල්ලා සිටින්නේම මේ කරුණ ඔවුන් හොඳින් අවබෝධ කරගෙන ඇති නිසා බවද ඔවුහු පෙන්වා දෙති.

March 30, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92488/

0 comments: