Pages

Monday, April 15, 2013

ද්‍රවිඩ සංධානය ඉන්දියාව හරහා උතුරට වෙනම ආණ්‌ඩුවක්‌ ඉල්ලයි

උතුරු නැගෙනහිරට සියලු බලතල සහිත අන්තර්පාලන ආණ්‌ඩුවක්‌ ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්‍ෂ තුනක්‌ ඉන්දියාව හරහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ඉඩම්, පොලිස්‌, වරාය, මූල්‍ය කටයුතු, විදේශ අරමුදල් ලබාගැනීම, ධීවර වෙරළ ආරක්‌ෂක, ගුවන් සේවා සහ ඛනිජ සම්පත් ඇතුළු බලතල රැසක්‌ අන්තර්පාලන ආණ්‌ඩුවට ලබාදිය යුතු බව එහි සඳහන් වේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඉන්දීය මන්ත්‍රී කණ්‌ඩායම හරහා මෙම ඉල්ලීම කර තිබෙන අතර ඊට එකඟවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකරන ලෙසද දෙමළ ජාතික සන්ධානය එම මන්ත්‍රී කණ්‌ඩායමෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව හරහා කර තිබෙන මෙම ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කළ බව මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකදී රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය හා පළාත් සභාව වැඩක්‌ නැතැයිද එකම විසඳුම අන්තර්පාලන ආණ්‌ඩුව (SEඛF සබඑeරසප ඨදඩඑ) යෑයිද ද්‍රවිඩ සන්ධානය සිය නව ස්‌ථාවරය ඉදිරිපත් කරමින් දක්‌වා තිබේ. මෙම අන්තර්පාලන ආණ්‌ඩුව සහ ඊට ඇතුළත් විය යුතු බලතල සකස්‌ කර ඇත්තේ මෙරට හිටපු නීතිපතිවරයකු වූ ශිවා පසුපති යෑයි රජය වෙත හෙළි වී ඇත.

මෙම අන්තර්පාලන ආණ්‌ඩුව නමැති යෝජනාවට උතුරේ ජනතාව සහාය දක්‌වන බවට සනාථ කරවීම සඳහා ද්‍රවිඩ සන්ධානය විසින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ද ඉන්දීය මන්ත්‍රී කණ්‌ඩායම හමුවට ගෙනැවිත් තිබූ බව හමුදා බලධාරීන්ට හෙළි වී ඇත.

කොන්ග්‍රස්‌ පක්‍ෂයේ සන්ගුජන රෝයි, සර්දිප් දිල්ෂිත්a භාරතීය ජනතා පක්‍ෂයේ අනුරුක්‌ පන්ඩේවාල, ධනංෙ- සිං සහ ප්‍රකාශ් ජව්ද්ලා යන ඉන්දීය මන්ත්‍රී කණ්‌ඩායම ද්‍රවිඩ සන්aධානයේ මෙම රට දෙකඩ කිරීමේ යෝජනාවට ප්‍රතිචාර දක්‌වා නැත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/04/14/news01.html

0 comments: