Pages

Wednesday, April 17, 2013

උදයන් පුවත්පතට වන්නියේ ජනතා විරෝධයක්‌ තිබෙනවා - TELO

වන්නි ද්‍රවිඩ ජනතාව පිළිබඳ අපහාසාත්මක ලිපියක්‌ පළ කිරීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් එම ජනතාව අතර යාපනයේ පළවන උදයන් පුවත්පතට එරෙහි ප්‍රබල විරෝධයක්‌ මතු වී තිබෙන බව ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පී උදයරාසා මහතා දිවයිනට පැවැසීය.

යාපනයේ සේවය කල ගුරුවරුන් පිරිසක්‌ රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළට අනුව වන්නියේ පාසල්වලට ස්‌ථාන මාරු කිරීමට රජය ගත් තීරණයකදී එම ගුරුවරුන් වන්නි ජනතාව අපහාසයට ලක්‌ කරමින් රජයේ ගුරු ස්‌ථාන මාරු වැඩපිළිවෙළට එරෙහි කළ ප්‍රකාශ කිහිපයක්‌ ඒ අයුරින්ම සටහන් කරමින් පසුගිය දිනවල උදයන් පුවත්පතේ ලිපියක්‌ පළ වී ඇත.

වන්නියේ සිටින ද්‍රවිඩ ජනතාවට හරක්‌ සහ වැද්දන් ලෙස අපහාස කරමින් උදයන් පුවත්පතේ එම ලිපිය පළ වී තිබුණු බවත්, වන්නි ද්‍රවිඩ ජනතාව උදයන් පුවත්පතට එරෙහිව පසුගියදා කිළිනොච්චියේදී පෙළපාලියක්‌ සහ උද්ඝෝෂණයක්‌ ද සිදුකළේ එම අපහාස කිරීමට විරෝධය දැක්‌වීමක්‌ ලෙසින් බවත් උදයරාසා මහතා කීවේය.

සමන් ගමගේ
http://www.divaina.com/2013/04/17/news10.html

0 comments: