Pages

Saturday, April 6, 2013

පැය 24ක් තුල ටි‍්‍රච් සිංහල ආයතන වහාම ඉවත් කරනු - ඊලාම් විමුක්ති සදහා වන ශිෂ්‍ය සංවිධානය

ඉන්දියාවේ තිරුච්රාපල්ලි (ටි‍්‍රච්) ප‍්‍රදේශයේ සිංහල ජාතිකයිින්ට සම්බන්ධ ආයතන පැය 24ක් ඇතුලත වසා දමා එම ස්ථාන  වලින් ඉවත් වන්නැයි ඊලාම් විමුක්ති සදහා වන ශිෂ්‍ය සංවිධානය  අනතුරු අගවා ඇත .

එසේ නොකරන්නේ නම් ඔවුන්ම මැදිහත් වී එම ආයතන ඉවත් කිරීමට පියවර ගන්නා බව විමුක්තිය සදහා වන ශිෂ්‍ය සංවිධානයේ සත්‍ය කුමාර් නැමැත්තා කොටි හිතවාදී වෙබ් අඩවිවලට ප‍්‍රකාශයක් නිකුත්  කර තිබේ.

”මෙතෙක් සාමකාමී මාවතක සටන් කරමින් සිටි අප මින් ඉදිරියට විකල්ප මාර්ගයෙන් සටන් කිරීමට පැකිළෙන්නේ නැත” යනුවෙන් සත්‍ය කුමාර් සහ පෙරුමාල් යන ශිෂ්‍ය සටන් නියෝජිතයින් සදහන් කර ඇත . ඔවුන් ඝෘජුවම කොටි සංවිධනය සමග සබදතා පවත්වන බවට ආරක්ෂක අංශ ආරංචිමාර්ග සදහන් කරයි. ටි‍්‍රච්  පිහිටි මිහින් ලංකා කාර්යාලය වසා දැමිමට බලපෑම් කළ සිසුන් කණ්ඩායම මාධ්‍යට අදහස් දක්වමින් මෙම ප‍්‍රකාශය නිකුත් කර තිබේ.

ශ‍්‍රී ලංකාවට සම්බන්ධ ගුවන් ගමන් ආයතන ඇතුලූ විවිධ සේවා ආයතන ටි‍්‍රච්  ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකය.

April 6, 2013 at 3:53 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92789/

0 comments: