Pages

Wednesday, April 3, 2013

ඕස්ටේ‍්‍රලියාවේ මුස්ලිම්වරුන්ට රටින් පිටවෙන්න කියුවත් අපි එහෙම කියන්නේ නෑ - ඕමල්පේ හිමි

මුස්ලිම්වරුන්ට මෙරටින් පිටවන්නැයි නො කියන බවත්. රටේ සංස්කෘතියට අනුව කටයුතු කරන තාක් මුස්ලිම්වරුන්ට කිසිදු ප‍්‍රශ්නයක් ඇති නො වන බවත් ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

අපේ භික්ෂූන් වහන්සේලාට සිවුරු ගලවලා පහර දෙන හෙයින් අප ඉන්දියාවට යෑම වර්ජනය කළ යුතු බව කී උන්වහන්සේ, බෞද්ධයාට වැඳපුදා ගැනීමට තැන් අප රටේ  ඕනෑ තරම් තිබෙන බව ද සඳහන් කළහ.

අපි හලාල්වලට විරුද්ධ නැති බවත්, අප එරෙහි වන්නේ හලාල් සංකල්පය බෞද්ධයන් වෙත බලයෙන් පැටවීමට බවත් සෝභිත හිමියෝ කීහ.

සෝභිත හිමියන් මෙසේ පැවැසුවේ කොළඹ ආනන්ද විදුහල අසල පැවැති බොදු සමුළුව අමතමිනි. ජාතික සංඝ සම්මේලනය සහ බොදු පුබුදුව විසින් මෙම බොදු සමුළුව සංවිධානය කෙරිණි.

එහි දී  ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද පැවැසූහ.

‘අපි හලාල්වලට විරුද්ධ නැහැ. අප හලාල්වලට විරුද්ධ වන්නේ ඇයි? අප ඉස්ලාම් දහමට, ඉස්ලාම් සහෝදරයන්ට විරුද්ධයක් නැහැ. අපට තිබෙන ප‍්‍රශ්නය හලාල් සංකල්පය බෞද්ධයන් වෙත බලයෙන් පැටවීමයි. මේවා ගැන කතා කළා ම අපට ජාතිවාදීන් කියා ලේබලයක් ගහනවා. හලාල් සිද්ධියේ දී අප ජයග‍්‍රහණය කළ බව ඇත්ත. එහෙත් හලාල් සිද්ධිය තව ම අවසන් නැහැ. හලාල් කියන්නේ බරපතළ වංචාවක්.

කැබිනට් මණ්ඩලයේ සිටින සමහරුන් ද මේ ප‍්‍රශ්නය හරියට තේරුම් ගෙන නැහැ. ඔවුන් අපට ජාතිවාදීන් ලෙස හංවඩු ගහන්නේ ඒ නිසයි. හලාල් සහතිකය වෙනුවෙන් අපත් මුදල් ගෙවනවා. කුරානයේ කිසි ම දෙයක් අනිවාර්ය කර නැහැ. හලාල් වචනයත් කුරානයේ නැහැ.

මුස්ලිම් ජාතිකයන්ට මෙරටින් පිටවන්නැයි අප කියන්නේ නැහැ.  ඕස්ටේ‍්‍රලියාවේ එහෙම කියලා තිබුණා. අප රටේ සංස්කෘතියට අනුව කටයුතු කරන තාක් මුස්ලිම්වරුන්ට මෙරට ප‍්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.’

April 2, 2013 at 4:04 am | lanka C news

0 comments: