Pages

Thursday, April 18, 2013

උතුරු පළාත් සභා මැතිවරණයට ජානිපෙ, හෙළ උරුම විරෝධය

රජය විසින් පවසන පරිදි එළැඹෙන සැප්තැම්බර් මාසයේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කලහොත් ඊට සිය විරෝධය පල කරන බව ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික පියසිරි විජේනායක මහතා පෙන්වා දෙන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළහොත් එමගින්  රටතුළ බරපතල ගැටළුකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි.


එම තත්ත්වය පිළිබඳ රටේ ජනතාවට පැහැදිලි අවබෝධයක් නොමැති බැවින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා මැයි මාසයේ සිට තම පක්‍ෂය නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද ඔහු කියා සිටී.


එම මැතිවරණය පවත්වන්නේ නම් ඊට පෙර පොලිස් ඉඩම් බලතල අහෝසි කළ යුතු බවද පියසිරි විජේනායක මහතා පෙන්වා දෙයි.


මේ අතර අදාල මැතිවරණය පැවැත්වීමට පෙර අවම වශයෙන් උතුරු පළාතේ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙති.


April 17, 2013 at 8:36 am | lanka C news

http://lankacnews.com/sinhala/news/93127/

0 comments: