Pages

Wednesday, April 24, 2013

කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය

කූරගල පුදබිමේ කැණීම් කටයුතු කරගෙන යාම සදහා ඒ අවට අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළද මුස්ලිම් පල්ලිය ඉවත් නොකරන බව ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

ආගමික සහජීවනය පවත්වාගෙන යාමය අවශ්‍ය බැවින් මුස්ලිම් පල්ලිය ඉවත් නොකරන බවත් එහි වන්දනා කටයුතු සිදුකරන බැතිමතුන්ගේ අවශ්‍යතා සදහා ඒ අවට වෙනම භූමි භාගයක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

‘මීට පෙර අභියාචනාධිකරණයේ නඩු තීන්දුවකින් ප‍්‍රකාශ වුණ පුදබිම අවට තියෙන වෙළෙද සැල් 4 ක් ඉවත් කරන්න කියලා. මේ වන විට එම වෙළෙද සැල් ඉවත් කරලා තියෙනවා.
ආරක්ෂක ලේකම්තුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා එම ප‍්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් සමග කළ සාකච්ජවකින් පසුව  යම්කිසි නිගමනයකට පැමිණියා.

එම නිගමනය අනුව ඒ අවට තිබුණු වැසිකිළි කැලිකිළි සියල්ල ඉවත් කරලා කැණීම් කටයුතු යොදා තිබෙනවා.

මෙම ස්ථානයේ පිහිටි මුස්ලිම් පල්ලිය දීර්ඝ කාලයක් තිස්සේ මුස්ලිම් ජනතාව වන්දනා කළ ස්ථානයක්. එබැවින් එයට හානියක් කරන්නේ නෑ.’ යැයි ජගත් බාලසූරිය මහතා පැවසීය.

April 24, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93397/

[
සබැඳි ලිපි -
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_29.html
]

2 comments:

Rawanaputhra said...

etakota raja kale idan bauddha janathawa wandana mana karana kalethh oya palliya otana tibunada??

Unknown said...

aei apitema maheama asedernayeak wenna.paliyeaka monaweda tiyenna bietti 4 viterai apei ape uerumya apeita naeittea.apei sinhala una heindaida mae kaniheilikam