Pages

Monday, April 8, 2013

දේශීය විද්වතුන් ජාතියට තවත් ජයක් ගෙනේ

උතුරු මැද පළාතේ සීග‍්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට සෘජුවම හේතුවන බව හඳුනාගත් පලිබෝධනාශක 3ක් ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශක කමිටුව තීරණය කර තිබේ.

ක්ලෝෆයිරෆෝස්, ප්‍රොපනිල් සහ කාබරිල් යන පලිබෝධනාශක ඒ අනුව ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම් වනු ඇත. ක්ලෝෆයිරෆෝස් යනු ශ‍්‍රී ලංකාවේ වැඩිපුරම භාවිත වන කෘමිනාශකය වන අතර ප්‍රොපනිල් යනු ශ‍්‍රී ලංකාවේ වැඩිම වශයෙන් භාවිත වන වල්නාශක අතර දෙවැන්නයි. කාබරිල් යනු තවත් කෘමිනාශකයකි. රට පුරා ව්‍යාප්ත වන වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වතුන්ගේ අදහස් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටී.

ආසනික් ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් මුලදී බොහෝ පාර්ශ්වයන් විවේචන එල්ල කරද්දී සෘජුව සිය මතය ඉදිරිපත් කල දේශීය පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා සහ වෛද්‍ය කුමුදු දහනායක මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශක කමිටුව නියෝජනය කරයි.

April 7, 2013 at 4:07 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92791/

0 comments: