Pages

Wednesday, April 10, 2013

කූරගල රකින්නට ගෝඨා පෙරමුණ ගනී

නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලංගොඩ – කූරගල පූජාභූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ  කූරගල පූජාභූමියේ අධීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. මෙම පූජා භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමද ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට එහිදී ලක්ව ඇත.

අතීතයේ බෞද්ධ ආරාමයක් වශයෙන් පැවැති කූරගල පූජාභූමිය අවට ප‍්‍රදේශය මේ වන විට මුස්ලිම් ජනතාව පදිංචිව සිටිති.

ආරක්ෂක ලේකම්වරයා සමග මෙම අධීක්ෂණ චාරිකාවට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද සහභාගි වූ අතර පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කිහිප නමක් ද සමග කූරගල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

April 9, 2013 at 8:36 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92904/

[
සබැඳි ලිපි -
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_29.html
]

0 comments: