Pages

Friday, April 26, 2013

ප‍්‍රමිතියක් නැතැයි ඉන්දීය කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය නවතා දමයි

දකුණු ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ උත්පාදන කටයුතු ස්වාධීන විශේෂඥයන්ගේ නිසි පරීක්ෂාවට ලක් කිරීමෙන් තොර ව ආරම්භ කිරීම නතර කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ ජී. සුන්දර්රාජන් නැමැත්තෙකු ගොනු කළ පෙත්සමක් කේ.එස්. රාධා ක‍්‍රිෂ්ණන් හා දීපක් මිෂ්රා යන විනිසුරුවන් හමුවේ සලකා බලනු ලැබීමෙන් අනතුරු ව ය.

ඉන්දියානු න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව විසින් ආනයනය කරන ලද උපකරණවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ මතු ව ඇති හෙයින් කූඩන්කුලම් බලාගාරයේ සිටින ඉන්දීය හා රුසියානු බලධාරීන් බරපතල ප‍්‍රශ්න වලට මුහුණ දී සිටින බවත් එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් විය.

April 26, 2013 at 3:23 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93495/

0 comments: