එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවේ ඔබයි. එහිදී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ගැන ඔබ කොහොමද හිතන්නේ?
තුන්වතාවක් සංශෝධනය වෙලා තමයි මේ යෝජනාව ඉදිරිපත් වුණේ. පළමුවෙනි කෙටුම්පත බොහෝ දරුණු විදියට තිබුණේ. ඊට පස්සේ අපි මැදිහත් වෙලා, අපි දන්න හඳුනන අයට කතා කරලා කරුණු අවබෝධ කරලා දුන්නා. අපට මතයක් ගොඩනගන්න හැකිවුණා. පළමු යෝජනාව බොහොම අසාධාරණ විදියටයි සකස් කරලා තිබ්බේ කියලා. ඒ වගේම එය වැරදි පූර්වාදර්ශයක් වෙනවා කියන එකත් ඒ මතයට එකතු කරගන්න අපි සමත් වුණා. සාමාන්‍යයෙන් මේ වගේ යෝජනාවක් ගේනකොට සම්ප්‍රදාය වන්නේ මුලින් ඒ යෝජනාව හඳුන්වාදීමයි. යෝජනාව නිල වශයෙන් බාර දෙන්න ඉස්සෙල්ල නිල නොවන මට්ටමේ රැස්වීමක් යෝජනාව ගෙනෙන පාර්ශ්වය විසින් කැඳවනවා. ඇමෙරිකාව ඒ වගේ රැස්වීමක් කැඳවලා තිබ්බා. ඒ රැස්වීමට අපේ ස්ථාවරයේ ඉන්න රටවල් ගණනාවක් සහභාගි වෙලා යෝජනාවේ වගන්තියෙන් වගන්තියට සංශෝධන ඉදිරිපත් කළා. ඊට පසුව තමයි එය සංශෝධනය වෙලා ඉදිරිපත් වුණේ. හැබැයි සියලු දේවල් සංශෝධනය නොවුණත් ප්‍රධාන වශයෙන් බලපාන කරුණු ගණනාවක් සංශෝධනය කරගන්න ඒ රටවල් හරහා අපට හැකිවුණා. උදාහරණයක් ලෙස මේ යෝජනාවේ හඳුන්වාදීමේ පරිච්ජේදයක් තියනවා. ක්‍රියාත්මක කළ යුතු කොටස් පරිච්ජේදයකුත් තියනවා. ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව තිබ්බේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇතුළත් කොටසේ. ඒක භයානක දෙයක්. ඒක ඒ විදියට අනුමත වූවානම් අනිවාර්යයෙන්ම එතකොට මානව හිමිකම් කවුන්සිලය බැඳී ඉන්නවා ඒ පිළිබඳ පියවරක් ගන්න. අවසානයේ එය සංශෝධනය වෙලා ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසම කියන එක වැටිලා තියෙන්නේ හඳුන්වාදීමේ කොටසටයි. අපි සමත් වුණා එය ක්‍රියාත්මක කොටසින් ඉවත් කරගන්න. ඒක ඇමෙරිකාවට කරන්න සිදු වුණා. ඇමෙරිකාව දැක්කා ලංකාව වගේ රටක් හොඳ ප්‍රගතියක් යුද්දෙන් පසු ලබා තිබියදී මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ කොටසට දැම්මා නම් එයාලට පක්ෂව ඡන්ද 25ක් වත් හම්බවෙන්නේ නැහැ කියලා. ඇමෙරිකාව අවුරුද්දක් තිස්සේ මේ යෝජනාව ගෙනෙන්න කටයුතු කරමින් සිටියා. කලින් වර ලැබුණ ඡන්ද 24ක ප්‍රමාණය වැඩිකරගන්න ඔවුන් උත්සාහ කළා. අපි ජිනීවා ගොස් අපේ කණ්ඩායම සමග සාමාජික රටවල් හමුවෙලා අපේ විශ්ව වාරික සමාලෝචන වාර්තාව ඉදිරිපත් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ අවුරුදු තුනක් සහ මාස 10ක් ගතව තියෙන මොහොත වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙන රටකට මේ වගේ යෝජනාවක් ගේන එක අසාධාරණයි කියලා. ඒ මතය තමයි අන්තිමට වැඩ කළේ. ඒ නිසා තමයි ඇමෙරිකාවට සිදුවුණේ පළමු කෙටුම්පත දෙවරක් සංශෝධනය කරලා දුර්වල යෝජනාවක් ඉදිරිපත් කරන්න. කලින් යෝජනාව ඉදිරිපත් කළා නම් එය පරාද වෙන්නත් තිබුණා. දැන් අනුමත වූ යෝජනාව බැලුවහම එයාල අපට බලපෑමක් එල්ල කරල නැහැ විශේෂ මානව හිමිකම් නියෝජිතයන් ලංකාවට ගේන්න. පළමු යෝජනාවේ එය තිබුණා. දැන් ඉල්ලීමක් විතරයි කරන්නේ.
සම්මත වූ යෝජනාව අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය සැප්තැම්බර් මාසයේදී වාචික වාර්තාවක් කවුන්සිලයට දෙන්න ඕනේ. ලබන මාර්තු මාසෙදී පුළුල් වාර්තාවක් ඉදිරිපත් වෙනවා. හැබැයි එයත් සාකච්ඡාවට බඳුන් වෙනවා.
ඇමෙරිකාව ගෙනා යෝජනාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නේ කවර පියවරක්ද?
අපේ ස්ථාවරය බොහොම පැහැදිලියි. මම ඒක මානව හිමිකම් සමුළුව ඉදිරියේත් ප්‍රකාශ කළා. අපේ රටේ කළයුතු දේ කරන්න අපට යෝජනා අවශ්‍ය නැහැ. අපේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න අපට ජාත්‍යන්තර බලපෑම් ඕන නැහැ. අපි බැඳී ඉන්නවා ඒක කරන්න. අපට අවශ්‍ය කල් පවතින සාමයක් අපේ රටේ ස්ථාපිත කරන්නයි. ත්‍රස්තවාදය පරාජය කොට අපි සාමය දිනාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියනවා. සාමය දිනාගැනීමේ වැඩපිළිවෙළ ලේසි පහසු වැඩක් නොවෙයි. ජනතාවගේ විශ්වාසය දිනාගන්න ඕනේ. ඒ අනුව තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අපි හැමවිටම යුද්ධය පැවැති කාලයේත්, දැනුත් ප්‍රගතියක් පෙන්නලා තියනවා. ඒ නිසා තමයි ලෝකයේ බලවත්ම රටට බැරිවුණේ ලොකු ජයග්‍රහණයක් ලබාගන්න. සියලු සම්පත්, බලපෑම් අතේ තිබිලත් අන්තිමට ඡන්ද ප්‍රතිඵලය වුණේ 25 / 22යි. 22 ඔවුන්ට පක්ෂව ඡන්දේ දුන්නේ නැහැ. 25යි ඡන්දෙ දුන්නේ. මේක ඇත්තටම ඔවුන් ලැබූ ජයග්‍රහණයක් කියලා කිසිසේත්ම කියන්න බැහැ.
මේ යෝජනාවත් සමග මානව හිමිකම් කවුන්සිලයේ ලොකු බෙදීමක් ඇතිවුණා. යුද්ධයෙන් පසු අපි ලබාගත් ප්‍රගතිය එහෙ ගිහින් වාර්තා කරලා අපි නිකන් ඉඳලා නැති බවට ස්වාධීන රටවල මතයක් ඇතිකරන්න හැකි වුණා. ඒ නිසා ඉතිරි ගමනක් යන්න අපට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න ඕනේ කියන එක පෙන්නුවා.
ඇමෙරිකානු යෝජනා ක්‍රියාත්මක කිරීමට කාලයක් දීලා තියෙනවා. රජයට ඒ කාලය තුළ ඒවා ඉටු කරන්න පුළුවන්ද?
නැහැ, යෝජනාවේ එහෙම කාලයක් ගැන සඳහන් වෙලා නැහැ. අපේ ප්‍රගතිය ගැන වාර්තාවක් දෙන්න කියලා මානව හිමිකම් කොමසාරිස්වරියට කියලා තියෙනවා. එහිදීත් බොහෝ දේවල්වලට අපේ කැමැත්ත ලබාගන්න ඕනේ. මානව හිමිකම් මහ කොමසාරිවරියගේ කාර්යාලයෙන් අපට තාක්ෂණික සහයක් ලබා දෙනවා නම් ඒකටත් අපේ එකඟතාවක් ඒ ගොල්ලො ලබාගන්න ඕනේ. අපේ එකඟතාවක් නැතුව ඔවුන්ට කිසිවක් කරන්න බැහැ. අපි දන්වන්න අවශ්‍යයි එයාලා ලබාදෙන තාක්ෂණ සහය අපට අවශ්‍යයි කියලා. අපට අවශ්‍ය නැත්නම් අපි සහයෝගයක් ගන්නේ නැහැ.
මට මතකයි මීට පෙර සිටි මානව හිමිකම් කොමසාරිස් ලුවි ආචර් මහත්මිය යුද්ධ කාලේ ලංකාවට ගෙන්න ගත්තේ මමයි. එයා, ලංකාවට පැමිණ අවසන් දිනයේ මාත් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවට වාඩිවෙලා ඉල්ලීමක් කළා. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ලංකාවේ පිහිටුවන්න කියලා. මම බොහොම පැහැදිලිව කිව්වා අපට ඒක අවශ්‍ය නැහැ කියලා. එදා අපි කැමති වුණා නම් මොකද වෙන්නේ? අපි දන්නවනේ මානව හිමිකම් ආරක්ෂා කරන්න හෝ ප්‍රවර්ධනය කරන්න නොවෙයි කියලා මේවා ඉදිරිපත් කරන්නේ. ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයත් අපේ ස්වාධීන රටේ ක්‍රියාත්මක කරන්න තමයි මේවා කරන්නේ. බාහිර රටවල අයට අපේ රටේ වැඩවලට ඇඟිලි ගහන්න ඉඩදෙන්නේ ඇයි? අපි කළ යුතු දේ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ. ඒක තමයි අපි කරගෙන යන්නේ. අවුරුදු 3කුත් මාස 10ක් තුළ අපි කොච්චර දෙයක් රජයෙන් උතුරු නැගෙනහිරට කරලා තියනවද? බිම් බෝම්බ ඉවත් කරලා, අවතැන්වූවන් නැවත පදිංචි කරලා, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කරලා, ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කරලා දෙමාපියන්ට බාරදීලා තියනවා. පාරවල්, පාසල්, කෘෂි කර්මාන්තය දියුණු වෙලා නැද්ද? තව දේවල් තියනව තමයි අපට කරන්න. ඉතින් ඒකට කාලයක් අවශ්‍යයයි. කාලය ලබා ගත්තහම ඒ වැඩ කොටසත් කරන්න පුළුවන්.
ආණ්ඩුව හදපු උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ එල්.එල්.ආර්.සී. වාර්තාව ක්‍රියාත්මක කරන ලෙසත් පවසා තිබෙනවා.
අපි මේ වන විටත් එම වාර්තාවේ නිර්දේශයන්ගෙන් විශාල කොටසක් කරලා තියනවා. නැවත පදිංචි කරන්න, බිම් බෝම්බ ඉවත් කරන්න කියන කාරණා තියෙන්නේ. එල්.එල්.ආර්.සී. වාර්තා වෙයි. ඒ කියන සියලු කාරණා දැන් ඉෂ්ට කරලා තියනවා.
හැම තැනම ප්‍රදේශීය ලේකම් කාර්යාල පිහිටුවලා ගොඩනැගිලි හදලා ඒ හරහා ජනතාවගේ සුබ සාධනය ක්‍රියාත්මක වෙනවා. මේ වාර්තාවේ කියපු අනෙක් කොටස් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. අපේ කැපවීම පෙන්වන්න තියන හොඳම උදාහරණය තමයි 2013 අය වැයෙන් ජනාධිපතිතුමා රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. අපේ කැපවීමක් නැත්නම් එහෙම මුදල් වෙන් කරන්නේ නැහැනේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ සම්මත වූ යෝජනාවලිය මෙරට රජය ක්‍රියාත්මක නොකළොත් අප සම්බන්ධයෙන් ඔවුන් කවර පියවරක් අනුගමනය කරාවිද?
දැනට එහෙම දෙයක් නැහැ. යෝජනාවේ කියන්නේ අපත් සමග සාකච්ඡා කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලනේ. අප සමග තවම සාකච්ඡා කරලා නැහැ. අපේ එකඟතාව අරගෙන නැහැ.
අනෙක ඔවුන් කියන දේ අපට අවශ්‍ය දෙයක් වෙන්න ඕනේ එය භාර ගන්න නම්. ලබන සැප්තැම්බර් මාසෙදී මම ඔවුන්ට වාර්තා කරනවා මාර්තු සිට සැප්තැම්බර් දක්වා රටේ ප්‍රගතිය. ඊට වඩා දෙයක් වෙනත් රටවල් අපෙන් බලාපොරොත්තු වෙයි කියා අප හිතන්නේ නැහැ. පිරිසක් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ කරාවි. ඒවට මුහුණ දෙන්න අපි සූදානම්. දේශපාලන ගේම් එකක් ගහනව නම් අපටත් දේශපාලන ගේම් එකක් ගහන්න වෙනවා.
දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දෙන ලෙස මේ සියලු දෙනා යෝජනා කරනවා. නමුත් රජය තවම අපොහොසත් වෙලා තියනවා මේ විසඳුම දෙන්න?
දේශපාලන විසඳුමක් දැන් ක්‍රියාත්මක වෙනවනේ. 13 වන සංශෝධනය කියන්නේ දේශපාලන විසඳුමක්. ලබන සැප්තැම්බර් මාසේ උතුරු පළාත් සභා මැතිවරණයක් තියෙනවා කියලා පැවැසෙනවා. ඉන්පසු උතුරු පළාත් සභාවත් ක්‍රියාත්මක වෙයි. උතුරේ පළාත් පාලන ආයතන 38න් 36ක් මේ වන විට ස්ථාපිත කර අවසානයි. ඒකත් බලය බෙදීමක්නේ.
දැන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා. දේශපාලන විසඳුම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්න. ආණ්ඩුවේ නියෝජිතයන් මේ කාරක සභාවට පත් කරලා අවසානයි. නමුත් විපක්ෂයේ නියෝජිතයන් තමයි පත් කරලා නැත්තේ. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පත් කරලත් නැහැ. ජාතික අවශ්‍යතාවට ගැළපෙන ලෙස කරන දෙයක් තමයි පවතින විසඳුමක් වෙන්නේ. මුළු රටම පිළිගන්න ක්‍රමයක් තමයි අවශ්‍ය.
තමිල්නාඩුව ලංකාවට එරෙහිව ගෙන යන ව්‍යාපාර ගැන ඔබ මොකද හිතන්නේ?
තමිල්නාඩු සිද්ධිය අපි දකින්නේ දේශපාලන ප්‍රශ්නයක් ලෙසයි. 2014 ඉන්දියාවේ මහ මැතිවරණයක් පවත්වන්න නියමිතයි. සමහරවිට මේ වසරේත් පවත්වන්න පුළුවන්. දැන් එහි හැමදෙනාම සිතන්නේ මැතිවරණය ගැනයි. එක එක ප්‍රකාශ කරලා එක එක දේවල් ඉල්ලලා එයාලගේ බලය ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකටයි ඔය යන්නේ. ඉතින් ඒකට අපි පැටලෙන්න ඕන නැහැ.
ගෝලීය වශයෙන් ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙක එක ළඟනේ තියෙන්නේ. අපි දැන ගන්න ඕනේ එයාලත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්න. එයාලත් දැනගන්න ඕනේ අපිත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්න.
වයිකෝ වැනි අය ලංකාවේ ඊළමක් අවශ්‍යද නැද්ද කියන කාරණය ගැන ලෝකයේම දෙමළ ජනතාව එක්කොට ජනමත විචාරණයක් පවත්වන්න යෝජනා කරනවා.
මම හිතන්නේ එයාගේ ඔළුව ටිකක් සෝදිසි කර ගන්න ඕනේ. එයා කටයුතු කරන හැටි කතා කරන ආකාරය බැලුවම එයාගේ ඔළුව එච්චර හොඳ නැති බවයි පේන්නේ. එයා ගැන කතා කරන්න මට නම් අවශ්‍ය නැහැ. මොකද එයා අන්තවාදී අදහස් දරන කෙනෙක්.
කොසෝවෝ වැනි රටවල් ඇති කිරීමේදීත් මෙවැනි ජනමත විචාරණ පැවැත්වුණා නේද?
කොසෝවෝ තිබුණ ප්‍රශ්නය හා ලංකාවේ තියන ප්‍රශ්නය සන්සන්දනය කරන්න බැහැ. එතන තිබුණ ප්‍රශ්නය වෙනස් . ඒ වගේ ජනමත විචාරණයක් අපට කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපි කටයුතු කළේ දෙමළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට විරුද්ධව හෝ සිංහල ජනතාවට එරෙහිව නොවෙයි. අපි ක්‍රියා කළේ ත්‍රස්තවාදයක් නැති කරන්නයි. ඒ වැඩපිළිවෙළ හරහා තමයි විශාල වෙනසක් ලංකාවේ ඇති කරලා තියෙන්නේ. කොසෝවෝ සහ මෙහෙ තත්ත්වයන් වෙනස්. ආගමික ප්‍රශ්නයක් අපේ රටේ නැහැ. අපේ රටේ තිබුණේ ත්‍රස්තවාදී පිරිසක් ගෙන ගිය යුද්ධයක්. රට බෙදන්න ගිය වැඩපිළිවෙළ තමයි අපි නැති කළේ. ඒ වැඩේ කරලා ඉවරයි. දැන් තියෙන්නේ සාමය දිනා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා අපට ජනමත විචාරණ අවශ්‍ය නැහැ.
ලසන්ත වීරකුලසූරිය
http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=8860:2013-04-11-14-19-44&catid=62:2012-08-14-03-41-39&Itemid=84

0 comments:
Post a Comment