Pages

Thursday, April 11, 2013

මුසළුවන් අමු අමුවේ පල්ලිවල මරන විට, ඇඳි වත පිටින් එලවන විට, කොටි රූකඩ සම්බන්ධන්ලා නිහඬව හිටියා. දැන් කිඹුල් කඳුළු හෙලනවා - මුසම්මිල්

සම්බන්දන්ලාගේ කිඹුල් කඳුළුවලට මුස්ලිම් ජනතාව නොරැවටිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක කොළම නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මේ බව සඳහන් කරයි. නිවේදයේ මෙසේද දැක්වේ.

මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතැම් කණ්ඩායම් ගෙන යන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නතර කිරීමට රජය පියවර ගත යුතු යැයි ඊයේ(09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක, ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්දන් මහතා පවසා තිබේ.

දෙමළ හා මුස්ලිම් ජනතාව ‘‘එකම භාෂාවක් කතා කරන’’ බවත් එය නොනැසිය හැකි බැඳීමක් බවත් පෙන්වා දී ඇති සම්බන්දන් මහතා මුස්ලිම් සහෝදර ජනතාව හිරිහැරයට ලක්වෙනවා නම් තමන්ට නිහඩව සිටිය නොහැකි බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

ගෙවී ගිය දශක තුනක කාලය තුළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදීහු ඉතාමත් කුරිරු ලෙස මඩකලපුව, කාත්තන්කුඩි පල්ලියේදී යාඥා කරමින් සිටි 116ක් ඇතුළුව මුස්ලිම් ජනතාව දහස් ගණනින් කපා කොටා මරා දැමූහ. එසේම කොටි ත‍්‍රස්තවාදය, යාපනය ඇතුළු උතුරේ ප‍්‍රදේශ ගණනාවක ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි මුස්ලිම් ජනයා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානවලින් එලවා දැමුවේ ඔවුනට ඇඳිවත පමණක් ඉතිරි කරමිනි.

එහෙත් බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයේ රූකඩයක් ලෙස කටයුතු කළ ආර්. සම්බන්දන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය එහිදී දිගින් දිගටම අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි. ඒ අනුව මේ හදිසියේ නින්දෙන් අවදි වූවා සේ සම්බන්දන් මහතා කරන විශේෂ ප‍්‍රකාශ ගැන සියලූ මුස්ලිම් ජනතාව විමසිලිමත් විය යුතුයි.

ආර්. සම්බන්දන්ලා මෙවැනි ප‍්‍රකාශ කරන්නේ සද්භාවයෙන් නොවන බව ඉතා  ඕනෑකමින් පෙන්වා දීමට කැමැත්තෙමු. ඔවුන් මෙසේ අද මුස්ලිම් ජනතාව පිළිබඳ කිඹුල් කඳුළු හෙළන්නේ, තවමත් අතහැර නැති තම බෙදුම්වාදී සිහිනය සැබෑකර ගැනීමට නැගනහිර මුස්ලිම් ජනයා යොදා ගැනීමේ කූඨ අරමුණ සිත්හි තබා ගෙනය.

කෙසේ හෝ උතුරු පළාත් සභාවේ බලය ලබා ගෙන, ඉන් අනතුරුව මුස්ලිම් කොංග‍්‍රසය සමග ගිවිසුම් ගසා උතුරු හා නැෙගනහිර පළාත් සභා දෙක ඒකාබද්ධ කරමින් උතුරු – නැගනහිර පළාත් සභාවක් ගොඩනැගීමේ තම බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය යථාර්ථයක් කරගනු වස් ඔවුහු මෙසේ කිඹුල් කඳුළු හෙළති.

දශක තුනක් තිස්සේ කුරිරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ අනේකවිද දුෂ්කරතා විඳි නැගනහිර මුස්ලිම් ජනතාව ඇතුළු මෙරට මුස්ලිම් ජනයාගෙන් අප ඉල්ලා සිටින්නේ සම්බන්දන්ලාගේ බෙදුම්වාදී උගුල්වල නොවැටෙන ලෙසත් ඔවුන්ගේ කිඹුල් කඳුළුවලට නොරැවටෙන ලෙසය.


සම්බන්දන්ලාගේ කිඹුල් කඳුළුවලට මුස්ලිම් ජනතාව නොරැවටිය යුතුය
April 10, 2013 at 5:41 pm | lanka C news

[
සබැඳි ලිපි -
දෙ.ජා.ස පිල්ලේට කියන්නේ මොනවාද?
http://denethharinna.blogspot.com/2012/08/blog-post_31.html
නැගෙනහිර ඡන්දය සහ ජාතිවාදය
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html
ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම - දෙපිටි කාට්ටු දේශපාලනය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
]

0 comments: