Pages

Tuesday, April 16, 2013

උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා

කොටි සංවිධානය විසින් උතුරේ ඉඩම් කාර්යාලවල තිබූ රජය සතු ඉඩම්වලට අදාළ ඔප්පු විනාශකර එකී ඉඩම් කොටි පවුqල් දහසකට ලබාදී ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත. මේ දේපළ ගැන දැන් විමර්ශනයක්‌ කෙරේ.

මේ කොටි පවුල් කිසිදු හිමිකමක්‌ නැතිව එම දේපළවලට හිමිකම් කියන බවද හෙළිවී තිබේ.

මේ හැර විදෙස්‌ගත ද්‍රවිඩයන් 200 ක්‌ සතු දේපලද කොටින් විසින් පවරාගෙන තිබූ බව අනාවරණයවී ඇත.

මෑතකදී උතුරට පැමිණි විදෙස්‌ගත පදිංචිකරුවකු සිය දේපලවල කොටින්ට සහාය දැක්‌වූ පවුලක්‌ පදිංචිව සිටින බව සොයාගෙන තිබේ.

මේ හැර කොළඹදී ඝාතනයට ලක්‌වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුගේ යාපනය පිහිටිs පාරම්පරික නිවසද කොටින් විසින් පවරාගෙන තිබූ බව ඥතීන් විසින් රජයේ බලධාරීන්ට දන්වා තිබේ.

මෙලෙස නීති විරෝධීව කොටින් ඔප්පු තිරප්පු විනාශ කරද්දී ද්‍රවිඩ සන්ධානය නිහඬව සිටි බවද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.


කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2013/04/16/news25.html 

0 comments: