Pages

Tuesday, May 19, 2015

අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...

* ගිය ආණ්‌ඩුව නියෝග කළා... අපි දුන්නා - වන සංරක්‍ෂක ජනරාල්
* කැපූ දැවවලට වුණු දේ මම දන්නේ නෑ - මන්නාරම දිසා ලේකම්

යුද්ධය ත්‍රාසජනකය. බිහිසුණුය. පාපතරය. ජාති ජාතිත් ප්‍රාර්ථනා කළ යුත්තක්‌ නොවේ. එහෙත් තිස්‌ වසරක්‌ පුරා මෙරට මුල්බැසගෙන තිබූ ඒ යුද්ධයෙන් රටට ලැබුණු මහානර්ඝ ප්‍රතිලාභ කිසි විටෙකත් සාමයෙන් නොලැබේ. අනාගතයේ යළි කවරදාකත් බලාපොරොත්තු විය ද නොහැක. මෙය අපබ්‍රංස කතාවක්‌ නොවේ. සැබැවින්ම යුද්ධය නිසා මහත් සුවිසල් ප්‍රතිලාභ දෙකක්‌ රටට ලැබුණු බව ලියුම්කරු කල්පනා කරයි.

ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවේ හදවත බඳු උතුර - නැඟෙනහිර වනාන්තර පද්ධතියම සුරක්‍ෂිත වූයේ යුද්ධය නිසා ය. එල්ටීටීඊයේ ගරිල්ලා යුද්ධයට අත්‍යවශ්‍ය වූයේම ඝන වනාන්තරය. ඒ නිසා ඔවුන් වනාන්තර සංහාරය නොකළේය. මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම හා වැඩිමනත් මඩකලපුව හා අම්පාර ප්‍රදේශවලද උතුරු මැද පළාතේ වනාන්තර ද සුරක්‍ෂිත වූයේ යුද්ධය නිසාමය.

එය කාහටත් බැහැර කළ නොහැකි සත්‍යයකි. එය ලියුම්කරුගේ හෘද සාක්‍ෂියයි. සැඟව සිටීමට හා සැඟව කටයුතු කිරීමට එල්.ටී.ටී.ඊ.යට වනාන්තර අවශ්‍ය වූ නිසාම, වනාන්තර පාළුවන්, දේශපාලන බඩගෝස්‌තරවාදීන් මෙන්ම දර අත්තක්‌ කඩාගන්නට තරම්වත් දෙයකට සිවිල් වැසියන් ද උතුර - නැඟෙනහිර වනාන්තරවලට රිංගුවේ නැත. එසේ වන වැදී එල්ටීටීඊ අඩවිවල කැලෑ කැපූ බඩගෝස්‌තරවාදීන්ට එල්ටීටීඊය කට පුංචාගෙන් උත්තර දුන් හැටිද, අන්තරස්‌දාන කළ හැටි ද අපට මතකය. මේ නිසාම උතුර - නැගෙනහිර තිස්‌ වසරක වනාන්තර සංරක්‍ෂණයේ ගෞරවය අපි යුද්ධයට පුද කරන්නෙමු.

එසේම, යුද්ධය නිසා රටට, ජනතාවට, පරිසරයට ගහ කොළට ලැබුණු තවත් සුවිසල් ප්‍රතිලාභයක්‌ වන්නේ කාලකන්නි දේශපාලුවන්ට රටේ වන සම්පත විනාශ කරන්නට තියා ආරක්‍ෂක රථ හත අටක්‌වත් නැතිව පාරට බහින්නට නොහැකි තරමට යුද්ධය විසින් මරණ බිය ඇති කිරීමය. අද මෙරටේ වනාන්තර විනාශය, පාරිසරික සම්පත් හූරාකෑම ඇතුළු සංවර්ධනය හෝ නැවත පදිංචිකිරීම ඉදිරියට දමාගෙන සිදුකරනා දහදුරා වැඩ සියල්ලක්‌ම මෙවන් දේශපාලකයන් විසින් සිදුÊකරනු ලබන්නේ යුද්ධය නිමා කිරීමේ ප්‍රීතිය භුක්‌ති විඳීම කරණකොට ගෙන ය. එනිසා යළි යළිsත් අපට ප්‍රකාශ කරන්නට ඇත්තේ තිස්‌ වසරක යුද්ධයෙන් ලැබුණු ප්‍රතිලාභ සාමය මුවාවෙන් විනාශ කර දමා ඇති බවය.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති විල්පත්තුව හා විල්පත්තුවට උතුරු ප්‍රදේශයේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයට අයත් මුසලි, මාන්තෙයි බටහිර හා මඩු ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල සිදුවන අති විශාල වන විනාශය හා පරිසර හානිය අපට විග්‍රහ කරන්නට සිදුවන්නේ මෙවන් තත්ත්වයක්‌ සැලකිල්ලට ගෙන ය.

මෙම වනාන්තර විනාශයේ වගකීමට බැඳී සිටින මන්නාරම මහ දිසාපති (දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා) සහ අනෙකත් රාජ්‍ය බලධාරීන් ද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ප්‍රමුඛ නැවත පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ඇතුළු දේශපාලකයන්ගේ ද නොදන්නාකමට පැහැදිලි කිරීමක්‌ වශයෙන් පළමුව වත්මන් පුත්තලම් මන්නාරම් මාර්ගය ආශ්‍රිත වනාන්තරවල තිස්‌ වසරක ඉතිහාසයෙන් බිඳක්‌ විග්‍රහ කරදීම වැදගත් යෑයි කල්පනා කරමු.

තිස්‌ වසරක යුද්ධයට පෙර පුත්තලමේ සිට මන්නාරම දක්‌වා විල්පත්තුව ජාතික උද්‍යානය හරහා පවතින්නේ කරත්ත පාරකි. යුද්ධයත් සමඟ මෙම මාර්ගය වනාතවිල්ලුව කලාඔය මායිමේ සිට උතුරින් මොල්ලිකුලම මෝදරගංආරු දක්‌වා සම්පූර්ණයෙන්ම වල්වැදී වැසී යන අතර, මොල්ලිකුලම, මුසලි, අරිප්පු, සිලාවතුර යන සමස්‌ත ප්‍රදේශයම පාලනය වන්නේ එල්ටීටීඊ බල ප්‍රදේශයක්‌ වශයෙනි. 

එහෙත් යුද්ධය ජයග්‍රහණය සඳහා උතුරට සේනාංක හා යුද්ධෝපකරණ ගෙන යැම පහසු කරනු වස්‌ පුත්තලම - මන්නාරම විල්පත්තු හරහා (දෙකඩ කරන) මාර්ගය ආරක්‍ෂක හමුදා ප්‍රවේශ මාර්ගයක්‌ ලෙස කපා හෙළිකරනු ලබයි. පුත්තලමත් මන්නාරමත් යා කරන මෙම කෙටි මාර්ගය ඒ සඳහා පහසු මාර්ගයක්‌ වන අතරම යුද්ධයෙන් පසු, සාමයේ ප්‍රීතිය සමරන මන්නාරමේ මුස්‌ලිම් දේශපාලකයන්ගේ රස ඉඳුරන් පිනා යන්නේ මේ පහසු මාර්ගයේ සංචාරය සඳහා ඉඩ ලැබෙන විටදීය. ඝන වනාන්තර හා ඉඩම් දකින විටදීය.

විල්පත්තු ජාතික උද්‍යානයේ උතුරු මායිම ලෙස ගලා එන මෝදර ගං ආරු (ඔය) විල්පත්තුවේදී මුහුදට වැටෙන ප්‍රදේශයට උතුරින් මන්නාරම් පාරට දකුණින් ප්‍රකාශයට පත් කර ඇත්තේ විල්පත්තු උතුරු අභය භූමියයි. එය ප්‍රකාශයට පත් වන්නේ බ්‍රිතාන්‍ය කිරීටය මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන දිනය නොහොත් වන සත්ත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත බලාත්මක කරන 1938 පෙබරවාරි මස 25 වැනිදා තරම් දුරාතීතයේ දී ය.

එහෙත් එවන් ඉතිහාසයක්‌ ගැන නොදන්නා මන්නාරමේ දිසා ලේකම්වරයා ඇතුළු අඳබාල නිලධාරීන් ද, රිෂාඩ් බදියුදීන් වැනි බඩගෝස්‌තරවාදී දේශපාලකයන්ද, නැවත පදිංචි කිරීමේ කාර්ය සාධක බළකායද, නැවත පදිංචිය නම් මුට්‌ටිය ඉදිරියට දමමින් මීට පෙර විල්පත්තු උතුරු අභය භූමියෙන් අක්‌කර පහකට ආසන්න ඉඩම් ප්‍රමාණයක්‌ හෙළිකර මුස්‌ලිම් ජනතාවට පදිංචිවීමට ලබා දී තිබිණි. මාධ්‍ය හා බොදුබල සේනා සංවිධානය මගින් කරන ලද විරෝධතා සහ හෙළිදරව්කිරීම් අනුව බලධාරීන්ට මෙහි සත්‍ය තත්ත්වය රටට හෙළිකිරීමට සිදුවිය. එනම් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් විල්පත්තු උතුරු අභයභූමියේ පදිංචිව සිටි මෙවැනි ජනපදිකයන් 18 දෙනකු බලහත්කාරයෙන් වනජීවී රක්‍ෂිතයක්‌ තුළට ඇතුළු වී වනාන්තරය විනාශ කර පදිංචිවීමට එරෙහිව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම් උසාවියේ නඩු දැම්මේය. ඒ අනුව මෙම නීති විරෝධී පදිංචිකරුවන් ඉවත්කර ගැනීමට බඩගෝස්‌තරවාදී ඉස්‌ලාම් දේශපාලකයන්ට සිදුවූහ.

මේ දිනවල එහි පෙන්වනු ලබන්නේ නැවත පදිංචිය මුවාවෙන් රජයේ රක්‍ෂිත වනාන්තර විනාශ කරන මේ දේශපාලකයන්ගේ දෙවැනි ජවනිකාවය. නොහොත් පෙරියමඩු ප්‍රදේශයේ ඇතුළු විල්පත්තු උතුරු රක්‍ෂිත වනාන්තර විනාශයේ සත්‍ය කතාන්දරය.

විල්පත්තු උතුරු ප්‍රදේශයේ මෙම වනාන්තර වූ කලී මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ ඝනව වැඩුණු හොඳම වනාන්තර පිහිටි ප්‍රදේශයක්‌ වේ. ඉවක්‌ බවක්‌ නැතිව බුල්ඩෝසර් යොදා මෙම මහ වනය කපා දමමින් සිදුකරන විනාශය සහ ඉඩම් අල්ලා ගැනීම් පිළිබඳව මාධ්‍යවේදීන් දිගින් දිගටම හඬ නැගූ අතර හිටපු නැවත පදිංචිකිරීමේ අමාත්‍ය සහ වත්මන් කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා අනුව යමින් මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම් එම්. වයි. එස්‌. දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙසේ හෙළිපෙහෙළි කරනු ලබන ඉඩම් පදිංචිකරුවන්ගේ පාරම්පරික ඉඩම් වන බවයි. 

ඒ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා මැදිහත්වී මෙම ප්‍රදේශයේ වනාන්තර හෙළිකිරීම හා නැවත පදිංචිය තහනමට ලක්‌කර මෙහි යථා තත්ත්වය සොයාබැලීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවක්‌ පත්කර ඇත. එම කමිටුව වන සංරක්‍ෂණ ජනරාල්වරයා සමඟ ප්‍රදේශයේ කරන ලද නිරීක්‍ෂණයෙන් පසු පසුගියදා (11 දා) කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා ඔවුන් තේරුම්ගත් තත්ත්වය මාධ්‍යයට පැහැදිලි කළහ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව වන සංරක්‍ෂණ ජනරාල් අනුර සතුරුසිංහ, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී, රත්නායක, මන්නාරම දිසා ලේකම් එම්. වයි. එස්‌ දේශප්‍රිය යන මහත්වරුන් ඇතුළු නැවත පදිංචි කිරීම් සහ ඉඩම් බෙදාදීම් පිළිබඳ අංශවල නලධාරීහු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

මෙහිදී වන සංරක්‍ෂණ ජනරාල්වරයා කරුණු දක්‌වමින් කියාසිටියේ මේ දිනවල මහත් කතාබහට ලක්‌ව ඇති විල්පත්තු උතුරු කල්ලාරු හා පෙරියමඩු ප්‍රදේශයේ කැලෑ හෙළිකිරීමේ හා නැවත පදිංචිය සිදුවන්නේ 2012 වසර වනවිටත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරුණු රක්‍ෂිත වනාන්තරවල බවයි. එනමුත් අක්‌කර 2500 ක්‌ වන මෙම වනාන්තර ඉඩම් පසුගිය රජයේ පැවති නැවත පදිංචි කිරීමේ කාර්ය සාධක බළකාය මගින් කරන ලද ඉල්ලීම හා බලපෑම මත නීත්‍යානුකූලව වෙන්කර දෙනු ලැබූ බවද වන සංරක්‍ෂණ ජනරාල්වරයා පැවසීය. මාධ්‍යවේදීන්ගේ හරස්‌ ප්‍රශ්න හමුවේ කරුණු දක්‌වමින් වැඩිදුරටත් වන සංරක්‍ෂණ ජනරාල්වරයා ප්‍රකාශ කළේ පසුගිය රජයේ බලපෑම මත තමන්ට ඉඩම් වෙන්කර දීමට සිදු වූ බවත් ඉඩම් හෙළි කිරීමේදී ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක්‌ නිකුත් කිරීමක්‌ සිදු නොවූ බව මෙන්ම වනාන්තරවල තිබූ වටිනා දැව කිසිවක්‌ දැව සංස්‌ථාවට ලබාදීමට හැකියාවක්‌ නොලැබුණු බවත්ය.

රජයේ ඉඩම්වල පවතින දැව සංවර්ධන කටයුතු වලදී දැව සංස්‌ථාවට ලබාදීම අනිවාර්ය කටයුත්තක්‌ වන නමුත් නැවත පදිංචිකිරීමේ කටයුතු ඉක්‌මන් කරමින් මීට මුල්වුණු දේශපාලකයින් මේ සියලු ඉඩම්වල පලු, වීර, බුරුත වැනි වටිනා දැව කඳන් සියල්ලම හොර පාරෙන් විකුණාගෙන ඇත. මේ පිළිබඳව මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මන්නාරම දිසාපතිවරයාගෙන් විමසූ විට තමන් ඒ ගැන කිසිවක්‌ නොදන්නා බව ඔහු පැවසීය.

මෙම දැව ජාවාරම ගැන තමන් විටින් විට පොලිසිය දැනුවත් කළ බවද ඔවුන් ඒ සඳහා කුමක්‌ කළේදැයි තමන් නොදන්නා බවද දිසාපතිවරයා ප්‍රකාශ කළේය. මේ අනුව පැහැදිලි වන්නේ අක්‌කර 2500 ක්‌ තරම් සුවිසල් වනාන්තරවල ඉඩම් හෙළි පෙහෙළි කිරීම නීති විරෝධී මහා පාරිසරික විනාශයක්‌ වූවාට අමතරව, මෙතෙක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතිවිශාලතම දැව ජාවාරමද මෙම කල්ලාරු පෙරියමඩු කැලෑ විනාශය හා බැඳී පවතින බවයි. එහෙත් මේ සඳහා වගකිවයුතු නිලධාරින් ගෙන් මේ ගැන ප්‍රශ්න කරන විට ඔවුන් ගලේ පහරපු බළලුන් ගානට වැටී අඳ ගොළු බිහිරන් සේ හිඳිණු පෙනේ. මේ ආණ්‌ඩුවෙන් ඒ ආණ්‌ඩුවටත්, ඒ ආණ්‌ඩුවෙන් මේ ආණ්‌ඩුවටත් පැන පැන යන මේ වනාන්තර විනාශය සඳහා වගකිවයුතු දේශපාලකයින් තවදුරටත් නිලධාරීන් අසරණ කරමින් තම බඩගෝස්‌තරවාදය නිර්ලඡ්ජිතව කරගෙන යනුද පෙනේ. වනාන්තර විනාශය සාධාරණය කරනු දක්‌නට ලැබේ.

කෙසේ හෝ අපට පැවසිය හැක්‌කේ මෙසේ වනගත ඉඩම් නැවත පදිංචිය සඳහා අත්පත් කර ගැනීම නීති විරෝධී කටයුත්තක්‌ වන අතර මහා පරිසර විනාශයක්‌ බවය. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා විසින් තම පාක්‍ෂිකයින් සඳහා ඉඩම් ලබාදීමට මෙවැනි වටිනා වනාන්තරයක්‌ තෝරාගැනීම පිටුපස ඔහුට වාසිවන කරුණු ගණනාවක්‌ ඇත. තම මුස්‌ලිම් ප්‍රජාව ව්‍යාප්ත කිරීම මෙන්ම දැව සංහාරයද ඒ අතර වේ. වන සංරක්‍ෂණ ජනරාල්වරයා පවසන පරිදි පසුගිය රජයේ නැවත පදිංචි කිරීමේ කාර්ය සාධක බළකායේ ඉල්ලීම පරිදි නිදහස්‌ කර ඇති ඉඩම් ප්‍රමාණය පහත පරිදිය.

2012 ජුලි 4 වැනිදා වන සංරක්‍ෂණ ජනරාල්වරයා සහභාගිවූ නැවත පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය මගින් පවත්වන ලද සාකච්ඡාවේදී පළමු පියවර වශයෙන් අක්‌කර 1080 ක්‌ නිදහස්‌ කිරීමට එකඟතාව පළවී ඇත. ඒ අනුව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පලයිකුලි, (අක්‌කර 100) මරිච්චකට්‌ටු (අක්‌කර 100) කරඩිකුලි (අක්‌කර 80) වශයෙන් අත්පත් කරගෙන ඇත. එසේම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ සෙන්නාර් වෙඩිකලතිව් ප්‍රදේශයේ අක්‌කර 300 ක්‌ හා මඩු ප්‍රාදේශීය ලේකම් යටතේ කාක්‌කායන්කුලම් ප්‍රදේශයේ අක්‌කර 500 ක්‌ ලෙස ඉඩම් අක්‌කර 1080 ක්‌ නිදහස්‌ කර ඇත.


එසේම, දෙවැනි පියවර යටතේ අක්‌කර 2007 ක්‌ ඉහත ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඉල්ලා ඇති නමුත් තමන් විසින් නිදහස්‌ කිරීමට එකඟ වූයේ අක්‌කර 1420 ක්‌ බව ජනරල්වරයා පවසයි. ඒ අනුව තවත් අක්‌කර 770 ක්‌ මරිච්චකට්‌ටු - සීලාවතුර මාර්ගයට යාබදවද, පිච්චායි - වන්නිකුලම් ප්‍රදේශයේ අක්‌කර 650 ක්‌ද නිදහස්‌ කර ඇත. මෙසේ පසුගිය රජයේ කිසිදු වග විභාගයක්‌ නැතිව හා වනසම්පත් නීති කිසිදු තැකීමකට ලක්‌ නොකර අක්‌කර 2500 ක්‌ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ප්‍රමුඛ දේශපාලනඥයින්ට ලබාදී ඇත්තේ ජාවාරමක්‌ හෝ අල්ලසක්‌ වශයෙන් නොවේ දැයි අප වත්මන් රජයෙන් ප්‍රශ්න කරමු. පදිංචිය සඳහා ඕනෑ තරම් මුඩු, ලඳු ඉඩම් ප්‍රදේශයේ තිබියදී විල්පත්තුවට යාවන වන අලින් හා වෙනත් වනසතුන් ගැවසෙන මෙවන් ඝන වනාන්තරයක්‌ ලබාදීම මහා අපරාධයක්‌ බව හය හතර නොතේරෙන කුඩා දරුවකුට වුවද වැටහේ. එවන් විටෙක මන්නාරම මහ දිසාපතිවරයා ප්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බළකායේ හොර නඩය මේ සිදුකර ඇත්තේ පරම්පරා ගණනකට සහගහන දේශයේ හදවත බඳු වටිනා සම්පතක්‌ විනාශ මුඛයකට ගෙන යාමය. මන්නාරම මහ දිසාපතිවරයා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා අනුව යමින් මෙම ඉඩම් මුස්‌ලිම් ජනතාවගේ පාරම්පරික අම්මා මුත්තා කාලයේ ඉඩම් බව පැවසීම මුසාවක්‌ මෙන්ම, හිතා මතා කරනු ලබන වංචා සහගත ප්‍රකාශයකි. එසේම මාධ්‍යයට ප්‍රකාශයක්‌ කරමින් ඔහු කියන්නේ මේ ඉඩම් මුස්‌ලිම් ජනතාව සතුන් මරාගෙන කන ලද භූමිය බවය. රජයෙ වැදගත් තනතුරක්‌ දරණ සිවිල් නිලධාරියෙකු වන සතුන් මරාගෙන කන බව කියන රටේ නීතිය උල්ලංඝනය වන ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් දිය යුතු වරදක්‌ සේ අපි දකින්නෙමු. ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව ඉකුත් දා ජනතා විමුක්‌ති පෙරමුණේ පළාත් මන්ත්‍රීන්ගේ නිරීක්‍ෂණ වාරිකාවෙන් පසු කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේද මෙවන් නිලධාරීන් නීතිය හමුවට පැමිණවිය යුතු බවය. 

අපිද ඒ මතයේ සිටින්නෙමු.

ගවේෂණය - ජගත් කණහැරආරච්චි, නලින් හෙන්දුරුගොඩ | ඡායාරූප- නලින් හෙන්දුරුගොඩ පුත්තලම

සබැඳි ලිපි - 
[ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: