
නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පෙර වැරදි 03කට වඩා ඇති තැනැත්තන්ට අනිවාර්යෙන් සිරදඩුවම් ලබාදීම සඳහා නව පටිපාටියක් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමටයි යෝජනා වී ඇත්තේ. පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ සතියක් ප්‍රකාශයට පත්කිරීම, සාකච්ඡාවට ගැනුණු තවත් කරුණක්. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ පූජ්‍ය අතුරලිියේ රතන යන හිමිවරුන් ද අමාත්‍යංශය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බවට වාර්ථාවේ.
http://lankafocusnews.com/?p=40828
0 comments:
Post a Comment