Pages

Sunday, May 10, 2015

ජාතික කොඩිය විකෘති කර ප්‍රදර්ශනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Sinhale-Kodiya-N-www.nethfm.com-18
1815 වාරියපොළ සුමංගල හිමියන් එසවූ සිංහලේ කොඩිය
ජාතික කොඩිය විකෘති කර ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (08 දා) නියෝග කර ඇති බවට වාර්ථාවේ.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දක්‌වා සිටි කරුණු දැක්‌වීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත.

මෙම පැමිණිල්ලට අදාළව කුරුඳුවත්ත පොලිසිය මගින් සිදුකළ පරීක්‍ෂණ තමන් වෙත භාරගත් බව දන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයන් කීපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කර ගැනීමට ඇති බවත් එම තොරතුරු මත සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් පවසා ඇති බවට වාර්තාවේ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සිදධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් පැමිණිල්ල ලබන ජුලි 13 දා නැවත කැඳවන ලෙසට නියෝග කර ඇති බවට වාර්ථාවේ.

http://lankafocusnews.com/?p=40822

ප.ලි.
සිදුවන දෑ ජුගුප්සාජනකය. එහි සිටි යමෙක් සිංහලේ කොඩිය, ජාතික කොඩිය ලෙස අර්ථදක්වා හෝ පවසා තිබේද? පොලිසිය, උසාවිය නොමඟ යවන්නේ ඇයි?

Pic Source & Related Story

0 comments: