Pages

Wednesday, May 27, 2015

ලංකාව සිංහල බෞද්ධ රටක්! වසර 2300ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් වේනම් ඒ සිංහලයන් පමණි! - JHU

මෙරට සිංහල බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීමට කිසිවිටෙකත් මැළිවිය නොවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණමිංහ විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප‍්‍රකාශ කර ඇත. එම ප‍්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙන කවර සංදර්භයක් තුළ ප‍්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප‍්‍රකාශය මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප‍්‍රකාශයක් පමණක් වන බව අපගේ අදහසයි.

මේ රට සිංහල බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ. එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැජ්ජාවීමට ද හේතුවක් නැත. මක්නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස් ගණනක් නොව එහි ඉන් ඈතට ද විහිදි යන්නකි. එය වසර 2500ක් නොව වසර 30,000ක් දක්වා ඈතට දිවයනන්නක් බව එය අපගේ වංශකතාවල පුරාවස්තු තුළ ඵෙතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකි ඉතිහාසය අද ද ජීවමානව පවති. සිංහල ජාතිය ලෝකයේ ඉපැරණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් බවත් වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳුනකි.

එබැවින් සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලෙයින් රනින් ගලින් ඵෙතිහාසිකව සටහන්ව ඇත. ඒ ගැන වාද විවාද කිරීමෙන් ඵලක් නොවන අතර මෙවැනි ප‍්‍රකාශ පුහුදුන් ප‍්‍රකාශ ලෙස බැහැර කිරීම හැර වෙනකළ යුතු දෙයක් නැත. සිංහල බෞද්ධ අනන්‍යතාවය ගර්හාවට ලක්කිරීම ජනපි‍්‍රය විලාසිතාවකි. මෙවැනි වගකීම් විරහිත ප‍්‍රකාශ නිකුත් කරන්නන්ට ජනතා නියෝජිතයින් ලෙස ජනතාව හමුවට එන අවස්ථාවලදී අමතක නොවන ලෙස පාඩමක් ඉගැන්වීම සිංහල බෞද්ධ ජනතාවගේ වගකීමකි. මේ රට සිංහල බෞද්ධ රටක් යැයි කීම දෙමළ මුස්ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක් හෝ අවමානයක් නොවන බව අප ප‍්‍රකාශ කරන්නේ රටක ඵෙතිහාසික යථාර්තය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි. විජේදාස රාජපක්ෂ මහතා වැනි දැනඋගත් කෙනෙක් මෙවැනි ප‍්‍රකාශ කිරීමෙන් වැළකි සිටින්නේ නම් එය එතුමාගේ දේශපාලන ප‍්‍රතිරූපයට හා අභිවෘද්ධියට ද හේතුවන බවද කිවයුතුව ඇත.

ස්තුතියි! 

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම් - ජාතික හෙළ උරුමය
https://lankacnews.com/sinhala/news/132025/

Pic Source

0 comments: