Pages

Saturday, May 23, 2015

එදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්‌! - MR

අද උතුරේ උසාවිවලට, පොලිස්‌ ස්‌ථානවලට ගල් ගහනවා. එදා එල්ටීටීඊ එක පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්ත්වයක්‌ හා මුල පිරීමක්‌. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි එල්ටීටීඊ එක ආරම්භ වුණේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕන. උතුරේ නීතිය එක ක්‍රමයටත් දකුණේ නීතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්න බෑ. රටේ එක නීතියක්‌ පවතින්ඩ ඕනෑ යෑයි මහියංගන නගර මධ්‍යයේ වූ සමාධි බුදුරුව පරිශ්‍රය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක්‌ ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේය. විල්පත්තු වන සංහාරය පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර එහිදී "මම මීට ඉස්‌සරත් මේ ගැන කතා කරලා තියෙනවා. මහලොකුවට ඔය ආණ්‌ඩුවේ ඉන්නවා. හැමදාම කැලෑවේ ඉන්න කට්‌ටිය. අභය භූමියටම වෙලා ජීවත් වෙන කට්‌ටියක්‌ ඉන්නවා. සතියකට පස්‌ වතාවක්‌ යන අයත් ඉන්නවා. ඉතින් ඒ අය මේවා ගැන ක්‍රියාත්මක වෙන්න ඕන යෑයි ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් "ඇත් දළ ලකුණෙන් ඉදිරියේදී ඔබතුමා ඡන්ද ව්‍යාපාරයට එනවාද?" යන්න විමසූ විට එයට කිසිවක්‌ නොකියා සිනාසී පිටව යන්නට වූ අතර රැස්‌ව සිටි පිරිස එහිදී "එතුමා මොන ලකුණින් ඉල්ලුවත් දිනනව" යෑයි ඔල්වරසන් දුන්නේය. රැස්‌ව සිටි පිරිස "මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ජයවේවා... ජයවේවා" යෑයි කෑ ගැසීය. බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ සංවිධානයෙන් මෙම ආගමික වතාවත් සංවිධානය කර තිබුණේය.

මහියංගනය - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2015/05/22/news34.html

Pic Source

0 comments: