Pages

Friday, May 15, 2015

අකුණු අතරදී ජංගම දුරකථන භාවිතය දැඩි අනතුරක්??? ජංගම දුරකතනයෙන් කතා කරමින් සිටි පාසල් ශිෂ්‍යයා අකුණු සර වැදී මරුට

මාදිපොළ කැඳන්ගමුව පදිංචි සුපුන් සම්පත් දයානන්ද (14) නමැති සිසුවා පසුගිය 12 වැනි දින ප.ව. 6.00 ට පමණ ගවයෝ බැඳීමට ගොස්‌ නිවසට එන අතරතුරදී අකුණක්‌ වැදී මියගිය බව පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත සිද්ධිය වෙන මොහොතේ සිසුවා ළඟ ජංගම දුරකථනයක්‌ තිබී ඇති අතර සිද්ධියෙන් පසු එය ක්‍රියා විරහිත වී තිබේ. සිසුවා තවත් කාන්තාවක්‌ සමඟ කතාකරමින් සිටියදී මෙම අනතුරට ලක්‌ වී ඇති බව වාර්තා වේ.

මෙම සිසුවාගේ මව විදෙස්‌ ගතවී සිටින අතර ඔහු පවුලේ එකම දරුවාවීමද විශේෂත්වයකි.

මේ පිළිබඳව මරණ පරීක්‍ෂණය පෙරේදා (13 දා) මාතලේ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබිණි. ගලේවෙල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගලේවෙල විශේෂ
http://www.divaina.com/2015/05/15/provin03.html

Pic Source

0 comments: