Pages

Sunday, May 24, 2015

යාපනයේ පාසල් දැරියගේ සිද්ධියට මුවාවී නීතිය අතට ගන්න හදන අයට එරෙහිව වහා ක්‍රියාත්මක වන්න - JHU

යාපනයේ කයිට්‌ස්‌ දූපතේ පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට මුවාවී නීතිය අතට ගැනීමට උත්සාහ දරන පිරිස්‌වලට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමය ආරක්‍ෂක අංශ වෙතින් ඉල්ලා සිටී.

මේ පිළිබඳව එම පක්‍ෂය නිකුත් කළ නිවේදනය මෙසේය.

යාපනේ කයිට්‌ස්‌ දූපතේ පාසල් දැරිවිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට මුවාවී නීතිය අතට ගැනීමට උත්සාහ දරන ප්‍රචණ්‌ඩකාරී පිරිස්‌වලට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් හා ආරක්‍ෂක අංශවලින් අප ඉල්ලා සිටිමු. මක්‌ නිසාද මෙම සිද්ධියට මුවාවී කඩවල් වසා දමමින් හර්තාල් දියත් කරමින් කළු කොඩි ඔසවමින් පාරවල් අවහිර කරමින් කරගෙන යනු ලබන විරෝධතා ව්‍යාපාරයට වෙනත් හස්‌තයක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකිව ඇත.

එම විරෝධතා දක්‌වන පිරිස්‌ යාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට බලපෑම් කරමින් ඇත. මෙම සිද්ධියට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් හිස එසවීමට උත්සාහ දරන බවක්‌ද පෙනී යයි. එමෙන්ම හිංසාවාදී ක්‍රියාවන්ට ද එළඹෙමින් ඇත. පාසල් දැරියට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන්ට දඬුවම් කළ යුතුව ඇත.

එහෙත් එයට මුවාවී නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් කිසි ලෙසකවත් ඉඩදිය යුතු නැත. එම නිසා වහාම හර්තාල් ව්‍යාපාර පිටුපස සිටිමින් ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ට හා හිංසනකාරී ක්‍රියාවන්ට පෙලඹෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර උතුරේ ජන ජීවිතය බිඳ දැමීමට ජාතිවාදී බෙදුම්වාදී කණ්‌ඩායම්වලට ඉඩ නොදිය යුතු බව අවධාරණය කරන අතර මේ පිළිබඳව වහාම රජයේත් ආරක්‍ෂක අංශත් නොපැකිළිව පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

http://www.divaina.com/2015/05/23/news51.html

Pic Source

සබැඳි ලිපි -
[

උතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියා සැලසුම් සහගත වැඩක්‌! නාවක්‌කුලි සිංහල ගම්මානයට පිරිස් එකතුකරගන්න ඇවිත්http://denethharinna.blogspot.com/2015/05/blog-post_36.htmlයාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින්, සිසුවියගේ ඝාතනයට මුවාවී යාපනයේ ත්‍රස්‌තවාදය හිස එසවීමට තැත් කරනවා - JHUhttp://denethharinna.blogspot.com/2015/05/jhu.htmlශිවලෝගනාදන් වින්ද්‍යාගේ මළකඳ මතින් උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට යාපනයේදී අන්තවාදීන් පහර දීමhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_33.htmlඋතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"http://denethharinna.blogspot.com/2015/05/blog-post_51.htmlඑදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්‌! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]

0 comments: