Pages

Saturday, May 23, 2015

නව තැපැල් ඇමැති අබ්දුල් හලීම්ට, හිටපු ඇමති කාර්යාලය තිබියදී නව කාර්යාලයක්‌ ඉදිකිරීමට නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලක්‍ෂ 22 ක්!

හිටපු තැපැල් ඇමැතිවරයා භාවිත කළ කාර්යාලය කඩා බිඳ දමමින් නව ඇමැතිවරයාට සහ ඔහුගේ කාර්ය මණ්‌ඩලය සඳහා තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ හත්වැනි මහලේ කාර්යාලයක්‌ ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ විසි දෙකක්‌ අනුමතකිරීම පිළිබඳව තැපැල් වෘත්තීය සමිති දැඩි විරෝධය පළකර සිටී.

හිටපු ඇමැතිවරයා හා ඔහුගේ කාර්ය මණ්‌ඩලය භාවිත කළ කාර්යාලය සුළු ප්‍රතිසංස්‌කරණයකට ලක්‌කර නව ඇමැතිවරයාට පරිහරණය කිරීමට අවස්‌ථාව තිබුණද එම කාර්යාලය මේ වනවිට මුළුමනින්ම ඉදිකිරීමට පියවර ගෙන ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ 'දිවයින'ට පැවැසීය.

මේ සඳහා වන කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවත් මෙය මහජන මුදල් විනාශ කිරීමක්‌ බවත් වෘත්තීය සමිති පවසයි.

මෙම ගනුදෙනුව පිටුපස තැපැල් සේවා අමාත්‍යාංශයේ දූෂිත නිලධාරියකු සිටින බවද තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ කියා සිටිති.

මේ පිළිබඳව තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් අබ්දුල් මජීඩ් මහතාගෙන් දිවයින විමසූවිට ලේකම්වරයා පැවසුවේ තමන්ට ඒ පිළිබඳව තොරතුරු කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවයි.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2015/05/22/news11.html

Pic Source & More Info about Minister

0 comments: