Pages

Monday, May 25, 2015

සවුදි අරාබියේ ෂියා දේවස්ථානයකට බෝම්බ ප‍්‍රහාරයක්.. 21ක් මරුට.. 97ක් තුවාලයි

සවුදි අරාබියේ නැගෙනහිර ප‍්‍රාන්තයේ පිහිටි ෂියා දේවස්ථානයකට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් බැතිමතුන් 21 දෙනෙකු මියගොස් තවත් 97 දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.

රියාද් අගනුවරින් කිලෝමීටර් 420කට වඩා නැගෙනහිරින් පිහිටා ඇති ඛාටිෆ් දිස්ත‍්‍රික්කයේ අල් ඛඞී ගම්මානයේ ඉමාම් අලි දේවස්ථානයට මෙම ප‍්‍රහාරයක එල්ලවී තිබේ.

සිකුරාදා දින දේව මෙහෙය සඳහා පුද්ගලයින් 150ක් පමණ රැස්ව සිටි අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු පුපුරුවාගෙන ඇතැයි පැවසේ.

ප‍්‍රහාරයේ වගකීම ISIS සටන්කාමීන් විසින් භාරගෙන ඇත.  ප‍්‍රහාරයෙන් අනතුරුව එයට විරෝධය දක්වමින් විශාල පිරිසක් ඛාටිෆ්හි වීදි බැස ඇති අතර සවුදි බලධාරීන් වෙතද සිය කෝපය දැක්වූ බව වාර්තා වේ.

සවුදි ෂියා බැතිමතුන්ට එල්ලවූ මෙම ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාරය හෙළා දැක ඇති ඉරාන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මාර්සියේ අෆ්කාම් පවසා ඇත්තේ කලාපය තුළ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදී සංවිධාන මැඬපැවැත්වීම ප‍්‍රමුඛ අරමුණක් බවට පත්විය යුතු බවයි.

මෙම ප‍්‍රහාරයේ වගකීම ත‍්‍රස්තවාදීන්ට අනුග‍්‍රහය දක්වන සවුදි පාලනය විසින් භාරගත යුතු බව ලෙබනන හිස්බුල්ලා සංවිධානය පවසා තිබේ.

රාජ්‍යය තුළ දිගු කාලයක් පුරා නොසැලකිල්ලට ලක්වූ ෂියා ආගමිකයින් ආරක්‍ෂා කිරීමට අසමත් වීම පිළිබඳවද හිස්බුල්ලා සංවිධානය චෝදනා කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ද සිදුවීම හෙළා දකිමින් නිවේචනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

https://lankacnews.com/sinhala/foreign-news/131947/

Pic1 Source
Pic2 Source

0 comments: