Pages

Tuesday, May 12, 2015

පළාත් පාලන මැතිවරණයට පෙර මහ ඡන්දය, පවතින ක්‍රමයටම! පළාත් පාලන ආයතන ලබන 15 සිට කොමසාරිස් පාලනයට

ලබන පළාත් පාලන මැතිවරණයට පෙර මහ ඡන්දය පවත්වන බව මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අද ප්‍රකාශ කළේය.

කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන, මහ නගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා ඡන්දය ලබන 15 වෙනිදා සිට සුළු කාලයකට කොමසාරිස්වරයෙකුගේ පාලනයට යටත් කරණ බවත් ඉන්පසු කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පවත්වන බවත් ජනපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

එහෙත් ඊට පෙර පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දැනට පවත්නා ක්‍රමය අනුව පැවැත්වෙනු ඇතැයිද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

මේ අතර පළාත් පාලන ආයතන විසිරුවා හැර කොමසාරිස් පාලනයක් ඇති කිරීමට විරෝධය පාමින් ‘පළාත් පාලන මන්ත්‍රී එකමුතුව’ සංවිධානය කළ විරෝධතා රැස්වීමක් කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී අද (12) පැවැත්විණි.

එම ආයතන සඳහා ඡන්දයක් පවත්වන ලෙස එහි ආ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සඳහන් කරයි.

http://lankafocusnews.com/?p=41165

Pic Source

0 comments: