
පසුගිය බදාදා දෙමළ ගුරු සංගමය යාපනයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන විසින් එම සිද්ධියට විරෝධය පෑමක් ලෙස දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් කැඳවා තිබුණි.

පුන්ගුඩුතිව් සිදුවීම ගැන පුන්ගුඩුතිව් රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක රැස්‌වීමක්‌ද පැවැත්වී ඇත.
එම රැස්‌වීමේදී ප්‍රකාශ වූයේ අතවර සිද්ධියට සම්බන්ධ මාලිංග ශෂිකුමාර් නමැත්තා කොළඹට පලාගොස් ඇති බවයි. ඒ වන විට ශෂිකුමාර් නමැත්තා වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට නීතිවේදියකු වූ තමිල් මාරන් නැමැත්තකු පැමිණ තිබේ. මොහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි බව පසුව වාර්තා විය. මෙකී රැස්‌වීමට ඉලංකෙයි තමිල් අරසුකච්චි නමැති පක්‍ෂයේ සභාපති මාවයි සේනාධිරාජා ද සහභාගි වී ඇත.
තමා රැස්‌වීමේ සිට පැමිණෙන අවස්‌ථාවේ තරුණයන් කීපදෙනකු යතුරුපැදිවලින් වේගයෙන් යනු දුටු බවත් ඔවුන් කවුද කියා දන්නේ නැති බවත් මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.
එහෙත් එකී රැස්‌වීමට සහභාගි වූ උතුරු පලාත් සභා මන්ත්‍රී පී. ගජදීපන් අත්අඩංගුවට ගත් ශෂිකුමාර් යාපනයට ගෙන වූත් නිසි පරීක්‍ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමග එක්‌ව රාජ්‍ය පාලන ආයතන සියල්ල අක්‍රීය කරන බවටත් තර්ජනය කර ඇත. මේ පසුබිම මැද පෙරේදා (20 දා) 12.30 ට පමණ එක්‌තරා ද්‍රවිඩ තරුණ කණ්‌ඩායමක් දිසා අධිකරණයේ ගොඩනැඟිල්ලට ඇතුළු වී ජනෙල් වීදුරු බිඳ දමා වාහනවලටද අලාභ කර තිබේ. පොලිසිය එම ක්‍රියාවන් වැළැක්‌වීමට දැරූ උත්සාහයේදී ගල් ප්‍රහාර එල්ල වී තිදෙනකු තුවාල ලබා ඇත.
පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක් වී තත්ත්වය පාලනය කිරීම පිණිස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මෙහිදී සිදු වූ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් 127 ක් අත්අඩංගුවට ගැනුණි. යතුරු පැදි 26 ක්‌ද ත්‍රිරෝද රථ දෙකක්‌ද පොලිස් භාරයට ගෙන ඇත.
උතුරේ ආරංචි මාර්ග දක්‌වන්නේ පීපල්ස් පවර් නමින් හඳුන්වා ගත් සංවිධානයක් මෙකී ප්‍රචණ්‌ඩකාරී මෙහෙයුම දියත් කළ බවයි. එසේම අත්අඩංගුවට ගනු ලැබූවන් අතර ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් කීපදෙනකු සිටින බවට ද වාර්තා විය.
පුන්ගුඩුතිව් සිද්ධිය සම්බන්ධයෙන් සිවදේවන්, කුශාන්තන්, ශෂිදරන්, චන්ද්‍රරාඡ් සහ නිශාන්තන් යන පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එකී පිරිස හා ඝාතනයට ලක් වූ දැරියගේ මව අතර ආරවුලක් පැවැති බවද අනාවරණය වී ඇත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් 'පීපල්ස් පවර්' හෙවත් ජනතා බලය නමින් හඳුන්වන අභිරහස් සංවිධානය මෙහෙය වන්නේ කවුරුන්ද යන්නයි.
එසේම පොලිස් භාරයට ගත් යතුරුපැදිවල හිමිකරුවන්ට එකී යතුරුපැදි ලැබුණේ කෙසේද?
මෙයට මාස ගණනකට පෙර යුරෝපා රටවල සිට උතුරේ තරුණයන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් වී තිබුණි. එම ක්‍රියාදාමය පොලිස් විමර්ශකයන්ගේ අවධානයට යොමු විය යුතුයි. එසේම මුළු ශ්‍රී ලංකාවට බලපාන දණ්‌ඩ නීති සංග්‍රහය වෙනුවට උතුරේ පිරිසකට නීතිය සියතට ගැනීමට ඉඩ දිය හැකිද?
මේ අතවර සිද්ධියේ සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළේ නම් එය හමුදාව වෙත යොමු කරනු නිසැකය.
කෙසේ වෙතත් උතුරේ ප්‍රචණ්‌ඩකාරි තත්ත්වයට මුල් වූයේ දේශපාලකයන් විසින් ගත වූ කාලය තුළ අන්තවාදී ප්‍රකාශ හා විවිධ වහසිබස් පැවසීම බව පැහැදිලි වේ.
මෙහිදී බුද්ධි අංශවල දැඩි අවධානය යොමු විය යුත්තේ උතුරේ සාමය බිඳ දමමින් ප්‍රචණ්‌ඩත්වය යළි ඇති කිරීමට මුල් වූ 'පීපල්ස් පවර්' නැමැති වෙස් මුහුණක් දමාගත් සංවිධානය මෙහෙයවන්නන් හඳුනා ගැනීමයි.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/05/22/feature01.html
සබැඳි ලිපි -
[
එදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]
0 comments:
Post a Comment