Pages

Saturday, May 23, 2015

'මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි' චිත්‍රපටයේ වැඩ නිමයි... - සිසිල් ගුණසේකර

සිසිල් ගුණසේකර විසින් අධ්‍යක්‍ෂණය කරන "මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි" චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට සම්පූර්ණයෙන්ම නිමවා ඇත.

ගුණානන්ද හිමි උපත ලැබූ බලපිටිය මොහොට්‌ටිවත්ත ප්‍රදේශයෙන් ඇරැඹි රූගත කිරීම් බලපිටිය ලංකාරාමය, දොඩන්දූව කුමාරකන්ද විහාරය මූලික කරගනිමින් රූ ගැන්විණි. ගුණානන්ද හිමි කුඩාකල ගත කළ ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක්‌ යොමුකළ බව කී සිසිල් ගුණසේකර මාදු ගඟ ආශ්‍රිතවද රූගත කිරීම් කළ බව කීය.

චිත්‍රපටයට අවශ්‍ය වූ සුදු ජාතිකයන්ගේ චරිත සඳහා සැබෑ සුදු ජාතිකයන් යොදාගත්තා. ඕල්කට්‌තුමාගේ චරිතයට යොදා ගත්තේත් ඇමෙරිකානු ශිල්පියෙක්‌. ඒ කාලේ කොටහේන ප්‍රදේශය කැලෑ සහිත බොරළුවලින් පිරි ප්‍රදේශයක්‌. ඒත් අද ඒ තත්ත්වය නැති නිසා අපි කොටහේන සහ පිටකොටුව දඹුල්ලේ නිර්මාණය කළා. කලා අධ්‍යක්‍ෂ අකුරංගොඩ මහතා ඒ සඳහා නිර්මාණ දායකත්වය ලබා දුන්නා. කැකිරාව, අනුරාධපුර ප්‍රදේශවලින් කරත්ත ගෙන්වා ගත්තා. කොළඹින් අශ්වයන් ගෙන ගියා.

ගුණානන්ද හිමි ලෙස චරිත නිරූපනය කළේ සංජීව වික්‍රමසිංහ. මේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය. ගුණානන්ද හිමි ලේක්‌හවුස්‌ ආයතනයේ සේවය කරනවා. රැකියාව අහිමි වී යද්දී පිටකොටුව බෝගහ අසල දී මිගෙල් නමැති චීන අඩිකාරයකු සමඟ ද්වන්දව සටනක්‌ කරනවා. අපි මේ රූගත කිරීම කළේ දඹුල්ලේ. කැමරාව කපිල විෙ-රත්නගේ. ඔහුගේත් ප්‍රථම චිත්‍රපටය. නිෂ්පාදන කළමනාකරු ගයාන් දේශප්‍රිය. සහාය අධ්‍යක්‍ෂණයෙන් ලසන්ත ගුණවර්ධන දායක වුණා. රේ‚ය නිෂ්පාදන කටයුතු සහ රඟපෑමෙන් සුරංගා රණවක සහභාගි වුණා.

අපි පානදුරාවාදය රූගත කළේ ඇත්තටම වාදය කළ දොඹගහවත්ත ප්‍රදේශයේ දී. වාදයට එක්‌වූ දාවිත් ද සිල්වා පියතුමාගේ චරිතය ප්‍රියංකර රත්නායක සාර්ථක ලෙස නිරූපණය කළා. ජගත් බෙනරගම, සහ වසන්ත විට්‌ටච්චි භික්‍ෂුන් වහන්සේලා ලෙස රඟපෑවා. ළමාතැනී ලෙස විමලින්දා කුමාරි ඔස්‌ටේ්‍රලියාවේ සිට පැමිණ රඟපෑවා. ඩග්ලස්‌ රණසිංහ, විෙ-රත්න වරකාගොඩ, සී. බී. ගංගොඩතැන්න, ආනන්ද වික්‍රමගේ, පාලිත සිල්වා, ජයන්ත මුතුතන්ත්‍රී වගේම මෙතිල් ජයසූරිය, රමණී සිරිවර්ධන, නෝමන් පළිහවඩන රංගනයෙන් එක්‌වුණා. ගීත රචනා කමල් කරුණානායක සහ නිලාර් එන්. කාසිම්. ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ සහ හර්ෂණ දිසානායක ගී ගැයුවා. අමරපුර මහ නිකායේ මහානාහිමි වස්‌කඩුවේ මහින්දවංශ හිමියන් අනුශාසනා ලබාදුන්නා. සංස්‌කරණය ප්‍රවීන් ජයරත්න, කතාව, තිරනාටකය, දෙබස්‌ සහ අධ්‍යක්‍ෂණය මා විසින් සිදුකරනවා යෑයි සිසිල් ගුණසේකර කීවේය.

http://www.divaina.com/2015/05/22/cineart07.html

Pic 1 Source

0 comments: