
අදාළ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.
ඊට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල නායකයින් සහභාගී වී සිටි බව වාර්තා වේ.
නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාවේ වාර්තාව එහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කර ඇත.
ඊට ඇතැම් පක්ෂ වල නියෝජිතයින් යළිත් යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර තිබේ.
මේ අතර නව මැතිවරණ ක්‍රමයට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද හෝ හෙට යළිත් වරක් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් නව මැතිවරණ ක්‍රමය පිළිබඳව එකඟතාවයකට පැමිණ එය පක්ෂ නායකයින්ට දැනුම් දෙනු ඇත.
එහිදී එළඹෙන එකඟතා මත ලබන 27 වන දින අදාළ සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද දෙරණ
Pic Source
0 comments:
Post a Comment